සෞඛ්‍ය හා පරිසර හේතු මත මස් නැති සඳුදාවක් ප‍්‍රකාශයට පත් කිරීමට ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නගර සභාව ඒකමතිකව තීරණය කරයි. නාගරික මන්ත‍්‍රී ඈන් පෙරි යෝජනාව ඉදිරිපත් කරමින් මස්කෑම බඩවැලේ, පෞරුෂ ග‍්‍රන්ථිය, වකුගඩු රෝගවලටද, පියයුරු පිළිකා හා හදවත් ලෙඩටද හේතුවෙතියි කීවාය. ලොස් ඇන්ජලීස්හි ජනගහනයෙන් අඩක්ම තරබාරු හෝ බරවැඩි අය බවත් මස් නොකෑමෙන් සෞඛ්‍ය අතුරු අන්තරාවලින් වැළැකී සිටිය හැකි බවත් යෝජනාවෙන් කියැවේ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි
100% එකඟයි රෑපසිංහ එක්ක (ස)
ඔය එන්නේ ටික ටික ප්‍රතිඵල ....කන්නෙම නැතුව ඉන්න අහිංසක සත්තු ..කාල මැරෙන්නේ නැතුව (ස)
ඇමරිකාවේ එහෙම කරත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (ස)
අපිත් ඒ ගැන සලකාබැලුවොත් හොඳයි නේද ?(ස)
එක දවසක් ඇතිද... වැඩක් නැති දේවල් කියන්නේ නැතිව ඉන්න අනේ. (නි)
අපේ රටෙත් හැමදාම හරි මෙහෙම කළා නම් වටිනවා . (නි)
ඇමෙරිකාවට මෙහෙම හිතෙනවා නම්, ලංකාවට කොහොම හිතෙන්න ඕනෑද ?? එහෙත් ..... (නි)
මේක කරන්න පුලුවන් වැඩක් නෙමෙයි.බොරු කියන්න එපා අපිට. (නි)
ඉතාලියේ ඉන්න ලංකාවේ අය විශාල ලෙස හරක්මස් කෑමට ගන්නවා.සමහර අය හරක් පැටවුන්ගේ මස් හා අමු මස් ආහාරයට ගන්නවා (ස)
ලෝකයේ ඉන්නා සෑම සතෙක්වම කනවා ඇමරිකාවෙ අය. (නි)
ඇයි දෙයියනේ දෙවියන්ට බැරිවුණේ ඔය සත්තුන්ගෙන් මිනිස්සුන්ට හානි නොවෙන විදියට උන්ව මවන්න? (නි)
සත්තු මරන්න එපා
මුළු ලෝකෙම දවසකට මස් කිලෝ කීයක් කනවද දන්නේ නෑ.. (ස)
ලංකාව බෞද්ධ රටක් වෙලාත් තාම එහෙම නෑ (ස)
එහෙනම් ගවයගේ දුක ගැන දෙයියෝ බලලා වගේ (ස)
අපි නම් මලත් කන්නේ නැහැ (දී)
පිටරට සුදුපාට උන්දැලා කරන කියන සියලුම දේ කිසිම විචාරයකින් තොරව අපේ උන්දැලා ක්‍රියාත්මක කරන නිසා, නරකද මෙවැනි හොද දේවලුත් අපිත් ක්‍රියාත්මක කළොත්? (නි)
මේක එච්චරම නරක දෙයක් නොවෙයි. ඒත් බලෙන් මිනිසුන් වෙනස් කරන්න යනවාට වඩා හොඳයි මිනිසුන්ට අවබෝධයෙන් මේක කරන්න උනන්දු කරවන එක. සඳුදාට වඩා මම කැමතියි සිකුරාදා මේකට තෝරා ගත්තා නම්. (නි)