ස්වීඩනයේ ස්ටොක්හෝම් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති සහ ස්කැන්ඩිවේයා රටවල ප‍්‍රධාන සංඝනායක කිරිඳිවෙල ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ සංවිධායකත්වයෙන් උත්කර්ෂවත් ලෙසින් පැවැත්විණි.
කෝපන්හේගන් බෞද්ධ විහාරාධිපති මාරතුගොඩ පඥානන්ද හිමි, ස්විට්සර්ලන්තයේ ජීනීවා බෞද්ධ විහාරාධිපති ප‍්‍රධාන සංඝනායක ආචාර්ය තවලම ධම්මික නාහිමි, නොර්වේ බෞද්ධ විහාරාධිපති මාරතුගොඩ මනිරතන හිමි, ජිනීවා බෞද්ධ විහාරයේ හල්විටිගල සුජාත හිමි, බුරුම ජාතික උ. සෝභන හිමි සහ මාතලේ ධම්මක්ඛන්ධ හිමිද ස්වීඩනයේ ශ්‍රීලංකා තානාපති ඕෂදි අලහප්පෙරුම මහතා, ජපාන තානාපති ප‍්‍රධාන ශ්‍රී ලාංකික බංගලාදේශ සහ ස්වීඩන් ජාතිකයෝ විශාල පිරිසක් පින්කමට සහභාගී වූහ.ආචාර්ය තවලම ධම්මික නාහිමියෝ කඨිනානිසංස දම් දෙසුම සිංහලෙන් ඉංගිරිසියෙන් පැවැත්වූහ.





1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට යන්න බැරිස (දී)
සාදු සාදු !!!!! (ස)
තෙරුවන් සරණයි