IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සචිනි ලෝක කාන්තා චෙස් ශූරතාවලියට යයි

රුසියාවේදී අද (11) ආරම්භවන ලෝක කාන්තා චෙස් ශූරතාවලියට ශ්‍රී ලංකාවේ ජාතික චෙස් ශූරී සචිනි දිනුෂිමා රණසිංහ සහභාගිවන්නීය. සචිනි, අද පැවැත්වෙන පළමු තරගයේදී ලෝක චෙස් ශූරී චීනයේ හු යැයිෆැන් සමග තරග වැදීමට නියමිතය. ඇය හෙට රුසියානු ක‍්‍රීඩිකාවක් සමගින් තරග වදියි. අන්තර්ජාතික චෙස් ප‍්‍රවීනතා සහතිකය (ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය) ලබා සිටින ශ්‍රී ලංකාවේ එකම ක‍්‍රීඩිකාව වන සචිනි ජාතික කාන්තා චෙස් ශූරතාව තෙවරක්ම දිනා සිටියි. කොළඹ මියුසියස් විදුහලේ ඉගෙනුම ලබන ඇය පසුගිය වසරේ මෙන්ම 2009 වසරේද ශූරතාව දිනාගෙන තිබේ. පසුගිය වසරේදී කොළඹදී පැවැති ශ්‍රී ලංකා චෙස් ආසියානු කලාප චෙස් තරගාවලියේදී සචිනි, කාන්තා ශූරතාව දිනා ගනිමින් ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය (කාන්තා) හිමි කරගත්තාය. මෙම ජයත් සමග සචිනි ලෝක කුසලාන චෙස් තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ද හිමි කර ගත්තාය. ලොව හොඳම චෙස් ක‍්‍රීඩිකාවන් 64 දෙනකු තරගවදින ලෝක කාන්තා චෙස් ශූරතාවලියකට ශ්‍රී ලංකාවෙන් සහභාගිවන පළමු ක‍්‍රීඩිකාව වන්නේ සචිනියි.



අදහස් (0)

සචිනි ලෝක කාන්තා චෙස් ශූරතාවලියට යයි

දිලාන් Monday, 12 November 2012 09:09 AM

පාසලේ නමත්, ශ්‍රී ලංකා මෑණියන්ගේ නමත් ලෝකය ඉදිරියේ ඔසවා තබන්න දුවට මගෙන් සුබ පැතුම් (ස)

:       0       0

ඉන්දික Monday, 12 November 2012 09:33 AM

සුබ පැතුම් (ස)

:       0       0

නිශාඩ් පෙරේරා Monday, 12 November 2012 09:33 AM

සචිනි, මගේ සුබ පැතුම් සමග ශ්‍රී ලංකාවේ සියලු දෙනාම ජය පතනවා , ඔබට ජය වේවා (ස)

:       0       0

ලලිත් - කටාර් Sunday, 11 November 2012 06:43 PM

ඔබට ජය වේවා නංගියේ. (නි)

:       0       0

චූලා Sunday, 11 November 2012 07:03 PM

සුබ පැතුම් ඔබට (ස)

:       0       0

නිලන්ත Monday, 12 November 2012 06:00 PM

ඔබට සුබ පතනවා! (නි)

:       0       0

අළුදෙණිය Monday, 12 November 2012 05:45 PM

ඔබට සුබ පතනවා! තෙරුවන් සරණයි ! (නි)

:       0       0

සචින්ත Sunday, 11 November 2012 07:37 PM

තුණුරුවන්ගේ සරණින් ඔබට ජය අපේ අක්කේ. (නි)

:       0       0

සේපාලි Sunday, 11 November 2012 02:28 PM

සචිනි දුවේ අපෙන් ඔබට සුබ පැතුම්. ලක් දෙරණට ඔබ ආඩම්බරයක් (ස)

:       0       0

කවීශා Monday, 12 November 2012 07:13 PM

අක්කේ ඔයාට ජයම ලැබේවා . සුබ පැතුම් (ස)

:       0       0

විපුල් Sunday, 11 November 2012 03:16 PM

ආදරණීය දුවේ , ඔයාට අපෙන් සුබ පැතුම් (ස)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 11 November 2012 03:19 PM

දුවට පළමු තැනම ලැබේවා! (නි)

:       0       0

තිලක් Monday, 12 November 2012 12:11 PM

නැගණිය ඔබට වඩා ඔබ අපට වටිනවා...(ස)

:       0       0

බණ්ඩාර Sunday, 11 November 2012 03:07 PM

අපේ සුභ පැතුම්! (නි)

:       0       0

අමිල Sunday, 11 November 2012 03:29 PM

මගේ සුභ පැතුම්! (නි)

:       0       0

ශලිනි Thursday, 15 November 2012 09:12 AM

ඉස්කෝලෙ කරපු දෙයක් නෑ , දැන් බොරුවටන නැ‍ටුවට, මෙයාව ඉස්කෝලෙ ටීම් එකෙනුත් ඉවත්වෙලා තිබුණේ (ස)

:       0       0

විශ්ව Wednesday, 14 November 2012 09:35 AM

ඉස්කෝලේ යන කාලේ පුහුණුවීම් වලට හරියට සහභාගි වෙන්න ඇති. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 12 November 2012 02:39 PM

මේ දුව මගේ දුවව වගේමයි මේ ෆොටෝ එකෙන් දකිද්දි (ස)

:       0       0

නිලුක්ෂි Monday, 12 November 2012 07:47 AM

මගේ සුභ පැතුම්! (නි)

:       0       0

පෙඩ්‍රික් Sunday, 11 November 2012 05:44 PM

අපෙන් ඔබට සුබ පැතුම් (ස)

:       0       0

කිත්සිරි Monday, 12 November 2012 08:55 AM

ජය ලැබීමට සුභ පැතුම්! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site