ඉන්දුනීසියාවේ මෙදාන් නගරයේදී ලබන හයවැනිදා පැවැත්වීමට නියමිත ලෝක බෞද්ධ සංඝ සම්මේලනයට එංගලන්තයේ ශ්‍රී ලංකා විහාරස්ථාන නියෝජනය කරමින් හිමිවරුන් තුන් නමක් වැඩම කිරීමට නියමිතය.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමි, කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමි සහ බර්මින්හැම් ජේතවන විහාරාධිපති කැප්පිටියාගොඩ ගුණවංස නාහිමි ඒ තුන් නම වෙති.
ලෝක සංඝ සභාව සංවිධාන කරන නව වැනි ජාත්‍යන්තර සම්මේලනය මෙයයි. 1966 කොළඹදී ඇරැඹුහ. ලෝක සංඝ සභාව රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ක‍්‍රියාත්මක වෙයි. එමගින් බලාපොරොත්තු වන්නේ බුදුදහමේ චිරස්ථිය උදෙසා විවිධ රටවල සංඝයා වහන්සේ සහ බොදුණු සංවිධාන අතර සහසම්බන්ධතාවයක් ඇති කිරීමයි. මෙම අරමුණු ඉටු කරගැනීමෙහිලා ලෝක සංඝ සභාව නිරන්තරයෙන් විධිමත් වැඩ සටහන් රාශියක් ජාත්‍යන්තරව ක‍්‍රියාත්මක කරයි.
ලෝක සංඝ සභාව ථෙරවාද, මහායාන සහ වජ්‍රඥාන සම්ප‍්‍රදායන් අනුගමනය කරන භික්ෂූන්ගෙන් සමන්විතය.
මහා බි‍්‍රතාන්‍යය ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු රටවල් 25ක භික්ෂූන් වහන්සේ ඊට ඇතුළත් වෙති.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු...සාධු...සාධු... බුදු සසුන රැකේවා (දී)
තෙරුවන් සරණයි(දී)
බුදු සසුන ලොව බැබලේවා (දී)
අනේ සාධු...සාධු...
මම දන්න හැටියට ලංකවේ ඉදලත් හාමුදුරුවරු ගොඩක් වැඩියා. මාධ්‍යයෙන් ඉඩ තියෙන්නේ විදේශවල ඉදල වඩින හාමුදුරුවරුන්ට විතරද.කෝ මෙහෙන් වැඩිය හාමුදුරුවරු ගැන ? .(ස)
මේක මුස්ලිම් රටක තියන එක හොඳද ?? (ස)
ඉන්දුනීසියාව මුස්ලිම් වුණේ පසු කාලෙක. මේක බෞද්ධ රටක්. නොදන්න අය ඉතිහාසය කියවලා බලන්න (ස)