IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සඟ සමුළුවට ලන්ඩනයෙන් තුන් නමක්

ඉන්දුනීසියාවේ මෙදාන් නගරයේදී ලබන හයවැනිදා පැවැත්වීමට නියමිත ලෝක බෞද්ධ සංඝ සම්මේලනයට එංගලන්තයේ ශ්‍රී ලංකා විහාරස්ථාන නියෝජනය කරමින් හිමිවරුන් තුන් නමක් වැඩම කිරීමට නියමිතය. ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමි, කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමි සහ බර්මින්හැම් ජේතවන විහාරාධිපති කැප්පිටියාගොඩ ගුණවංස නාහිමි ඒ තුන් නම වෙති. ලෝක සංඝ සභාව සංවිධාන කරන නව වැනි ජාත්‍යන්තර සම්මේලනය මෙයයි. 1966 කොළඹදී ඇරැඹුහ. ලෝක සංඝ සභාව රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ක‍්‍රියාත්මක වෙයි. එමගින් බලාපොරොත්තු වන්නේ බුදුදහමේ චිරස්ථිය උදෙසා විවිධ රටවල සංඝයා වහන්සේ සහ බොදුණු සංවිධාන අතර සහසම්බන්ධතාවයක් ඇති කිරීමයි. මෙම අරමුණු ඉටු කරගැනීමෙහිලා ලෝක සංඝ සභාව නිරන්තරයෙන් විධිමත් වැඩ සටහන් රාශියක් ජාත්‍යන්තරව ක‍්‍රියාත්මක කරයි. ලෝක සංඝ සභාව ථෙරවාද, මහායාන සහ වජ්‍රඥාන සම්ප‍්‍රදායන් අනුගමනය කරන භික්ෂූන්ගෙන් සමන්විතය. මහා බි‍්‍රතාන්‍යය ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු රටවල් 25ක භික්ෂූන් වහන්සේ ඊට ඇතුළත් වෙති. බෝගොඩ සීලවිමල නාහිමි කැප්පිටියාගොඩ ගුණවංශ නාහිමි ගලයායේ පියදස්සී නාහිමි



අදහස් (0)

සඟ සමුළුවට ලන්ඩනයෙන් තුන් නමක්

සේනක Monday, 03 December 2012 03:44 PM

සාධු...සාධු...සාධු... බුදු සසුන රැකේවා (දී)

:       0       0

වාසනා Tuesday, 04 December 2012 06:54 AM

තෙරුවන් සරණයි(දී)

:       0       0

දයා Monday, 03 December 2012 05:13 PM

බුදු සසුන ලොව බැබලේවා (දී)

:       0       0

නිලන්ත Tuesday, 04 December 2012 10:06 AM

අනේ සාධු...සාධු...

:       0       0

ශ්‍රියානි Monday, 03 December 2012 08:36 PM

මම දන්න හැටියට ලංකවේ ඉදලත් හාමුදුරුවරු ගොඩක් වැඩියා. මාධ්‍යයෙන් ඉඩ තියෙන්නේ විදේශවල ඉදල වඩින හාමුදුරුවරුන්ට විතරද.කෝ මෙහෙන් වැඩිය හාමුදුරුවරු ගැන ? .(ස)

:       0       0

ගැමුණු Monday, 03 December 2012 01:53 PM

මේක මුස්ලිම් රටක ති‍යන එක හොඳද ?? (ස)

:       0       0

ධර්මසිරි Monday, 03 December 2012 02:58 PM

ඉන්දුනීසියාව මුස්ලිම් වුණේ පසු කාලෙක. මේක බෞද්ධ රටක්. නොදන්න අය ඉතිහාසය කියවලා බලන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site