අම්පාර තිරුක්කෝවිල්හි සාගම ඓතිහාසික මොට්ටයාගල පෞරාණික භූමියට නැගෙනහිරින් ඌරක්කායි ප‍්‍රදේශයේ බැකෝ යන්ත‍්‍රයකින් විනාශ කරන ලද චෛත්‍යය බැලීම සඳහා මහා සංඝරත්නය ඊයේ (26) එහි වැඩම කළහ.
උතුරු නැගෙනහිර පිරිවෙන් භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක මහාවාපී මහා විහාරාධිපති අරන්තලාවේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඳිවැල සෝමරතන හිමියන් ඇතුළු හිමිවරු එහි වැඩම කළහ.
මහා සංඝරත්නය කරණීය මෙත්ත සූත‍්‍රය දේශනා කොට විනාඩි පහක කාලයක් නිහඬව සිටීමෙන් සත්‍ය ක‍්‍රියාවක්ද කළහ.
ගල්මඩුකන්ද පුරාණ විහාරාධිපති හෑගොඩ විමලඥාන, දීඝවාපී පරිවාර චෛත්‍යාරාම අධිපති පෝද්දිවෙල චන්දානන්ද හිමිවරුද මෙම අවස්ථාවට වැඩම කළහ.





1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් පුරාවස්තු විනාශයක්? (නි)
බුදුරජාණන් වහන්සේගේ දිවි පැවැත්ම සමග අද සංඝයාගේ දිවිය සන්සන්දනය කරද්දී ඔවුන් ගතකරන්නේ ඉතාමත් සරල වූ දිවි පෙවෙතක් නේද? (නි)
අපගේ පෞඪ බෞද්ධ උරුමය අමු අමුවේ විනාශ කරන පාපතරයිනට නිසි දඬුවම් පනවන තෙක් සිංහල බෞද්ධයන් අවදියෙන්. තව නොබෝ දිනකින් අනෙකුත් සිද්ධස්ථානත් අනතුරේ. (නි)
උරුමය දැන් විනාශ වෙලා ඉවරයි හාමුදුරුවනේ. (නි)
නැවත මෙවන් දේ සිද්ද නොවේවා
වැනසෙන බොදු උරුමය දැකලා සිහලුන්ගේ හද කකියනවා. (නි)
ලංකාවේ දැන් දැන් සිදුවෙන දේවල් ගැන දුකයි. (නි)
නැගෙනහිර පැත්තම නැතිවුණාට පස්සෙද බලධාරීන් නැගිටින්නේ? (නි)
සංවේගය පල කරන්න මෙවන් අපරාධ කල අයව නිතිය හමුවට ගෙන්න (දී)
මෙවන් දේවල් නැවත සිදුනොවෙන්න ජාතියක් වශයෙන් අපි බැදී සිටිය යුතුයි. (නි)
මෙහෙම කරන්නේ සංවර්ධනයටද? වඩා වටින්නේ අධ්‍යාත්මික සංවර්ධනය බව වැටහෙන්නේ නැද්ද? වටහා දෙන්න බැරිද? (නි)
විනාශ කළ අයට නම් හොදක් වෙන්නේ නැහැ. (නි)
දැන් එතකොට ඊළගට මොකද වෙන්නේ ? (නි)
බැකෝ යන්ත්‍රයක් ගෙනත් විනාශ කළා නම් හොරෙන් කළ දෙයක් වෙන්න බෑනේ. එහෙම නම් ඇයි කවුද මේ අපරාධය කළේ කියා කියන්න බැරි? ඇයි මොවුන් අත් අඩංගුවට ගෙන දඩුවම් දෙන්න බැරි? මේ අපරාධය වෙන ආගමකට වුණා නම් බලන්න තිබුණා වැඩේ. බහුතරයක් බෞද්ධයෝ සිටින ලංකාවේ මෙහෙම දේවල් වෙන එක ගැන පාලකයොත්, බෞද්ධයෝත්, භික්ෂුන් වහන්සේලාත් ලජ්ජාවිය යුතුයි. බෞද්ධයන්ගේ ඉවසීම නිවටකමක් කියා සිතා මොවුන් මේවා කළත් මේ අපරාධය කළවුන්ට මෙලොවදීම මේවාට වන්දි ගෙවන්න වනබව නම් ස්ථිරයි. (නි)
අලුත් දාගැබක් හදමු එහෙමනම් (ස)
මෙම පුරාවස්තු හානිය ගැන අපි කනගාටු වෙනවා (දී)
ඊලගට අපි කාටද ඡන්දෙ දෙන්නේ කියන පැනය තමයි හිතට එන්නේ මේවා දකිනකොට.වෙන රටවල් පුරාවිද්‍යා නටබුන් නැතිව ඉන්නවා .තියන එක රැකගන්න පලකයෝන්ට කිසිම උවමනාවක් නැහැ .මටනම් මටනම් සැක පාලකයෝ අරාබි රටවලට පොරොන්දු වෙලාවත්ද අපේ බුදුදහම ඉතාම ඉක්මනින් මෙරටින් තුරන් කරන්න .(ස)
ලෝකවාසී බෞද්ධ ජනතාවනි, මෙම ස්ථානයේ පන්සලක් පිහිටුවීමට උදවු වන්න. (නි)
දැන් මොනවා කරන්නද? අපි අපේ අටමස්ථානයවත් රැකගන්න බලමු. (නි)
මේ අපරාධය කල අයව නිතිය හමුවට ගෙන්න (දී)
ලංකාවම කම්පා කල පුවතක් (දී)
අපේ බලවත් සංවේගය (දී)
මේවා කරන අයගෙ හතර හන්දි කැඩෙන්න ඕනා... (ස)
මනු ලොව තිරිසනුන්ගෙ වැඩ (ස)
අපෙත් සංවේගය ලැබෙනවා (දී)
අපේ සහාය ලැබෙනවා
අදාල බලධාරීන් දොයිය බබාද? (නි)
කම්පා වෙනවා මෙවන් දේ දැක්කාම (දී)
අපගේ අතීත උරුමය ආරක්ෂා කර ගන්න උදව් කරන්න (දී)