අම්පාර දිස්ත‍්‍රික්කයේ තිරුක්කෝවිල්හි සාගම මොට්ටයාගල පුද බිමක නැගෙනහිර මායිමේ ඌරක්කායේ නටඹුන් චෛත්‍ය ඩෝසර කිරීමට විරෝධය පළකරමින් මහා සංඝරත්නය අද එහි උද්ඝෝෂණයක් කළහ.
දිගාමඩුල්ල දිස්ත‍්‍රික් සංඝසභාව සහ බොදුබල සේනා සංවිධානයේ භික්‍ෂූහු ඊට එක්වූහ.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ කීහ.
මේ රටේ පුරාවස්තු විනාශය වැලැක්වීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අසමත් වී තිබෙනවා. උග‍්‍ර නිලධාරී හිඟයක් නිසා අද අපේ රටේ ජාතික උරුම විනාශ වෙනවා. අපි මේ රටේ නිල නොවන දෙවැනි පොලීසිය හැටියට පුරා වස්තු විනාශය වැලැක්වීමට කටයුතු කරනවා. අපේ ජාතික උරුමය රැුකීමට කොන්ද පණ තියෙන ඇමැති කෙනකු පත් කරන්නැයි අප ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේන් ඉල්ලා සිටිනවා. එසේ නොවුවහොත් අපේ උරුමය වැලලීයන බවද ඒ හිමියෝ කීහ.
අම්පාර විද්‍යානන්ද පිරිවෙන් අධ්‍යක්‍ෂක මහාවාපී මහා විහාරාධිපති කිරිඳිවැල සෝමරතන හිමියෝද අදහස් දැක්වූහ.
චෛත්‍යයක් ඩොසර් කළ සැකකරුවන් විසින් එම ස්ථානයේ තිබී රැගෙන ගිය බව කියන කරඩු දෙකක් බෝධි සත්ව රූපයක්, රන් පැහැ බෝල කිහිපයක්, රජවරුන් පළඳින ලාංඡුනයක් නිරුක්කෝවිල් නිවෙසක තිබී සොයාගත් බව තිරුක්කෝවිල් පොලිසිය කියයි.















1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල නොලත් පොලිසියේ බලය කොහොමත් වැඩියි. (නි)
සංජීව ඔය සේරම පොලිසි දේසපාලන පොලිසියට යටයි නෙ ... (ස)
ලංකාවේ උරුමය ආරක්ෂා කරගන්න (දී)
මේවා නැවත නොවේවා අහන්නවත්
මේ සිද්දිය ගැන මට කනගාටුයි (දී)
අපිත් දෙනවා උපරිම සහාය (දී)
ගරුතර මහා සංඝරත්නය ඇතුළු බොදු බල සේනා සංවිධානය මෙවන් අපරාධ වලට එරෙහිව නැගී සිටීම මහත් අස්වැසිල්ලක්. මේ සදහා ඔබ වහන්සේලාට සියළුම ශක්තිය ධෛර්‍යය ලැබේවා! (නි)
නියමයි.. දැං අපිට පොලිසි දෙකයි.. නිල පොලිසිය සහ නිල නොලත් පොලිසිය..!(නු)
අපේ දේ විනාශ කරන්න දෙන්න බැහැ (දී)
රටේ සියළුම බෞද්ධයන් මේවාට විරෝධය දැක්විය යුතුයි..!(නු)
වැඩේ හැබෑව
මර්වින් මහත්තයාව මේ සම්බන්ධව පත් කළොත් එතුමා මොනවාම හරි කරාවි. (නි)
ජයවේවා ....ජයවේවා .... ඔබලාට අපේ සහාය (දී)
බොදු බල සේනා වලින් ඉල්ලන්න කැමැතියි, ඉතාම ඉක්මනින් පොදු අරමුදලක් පිහිටුවන ලෙස. අපි හැකි පමණ උපකාර කිරීමට කැමතියි. මෙවන් ස්ථාන වල නිවැරදි මායිම් ළකුණුකොට විහාරයක් සංඝාවාසයක් හදන්න. හාමුදුරුකෙනෙකුට භාරකාරීත්වය දෙන්න. මූලිකම දෙය පොදු අරමුදලක් නොමැතිකමයි. (නි)
බෞධයෝ විදිහට අපි මේවා ප්‍රතික්ෂේප කරන්න ඕනේ (දී)
නිධන් හාරනවා දැකලත් තියෙනවා, මෙහම මහා පරිමාණයෙන් හාරනවා දැකලා නැහැනේ (දී)
වැටත් නියරත් ගොයම් කා නම් .... (නි)
අවසරයි හාමුදුරුවනේ, විනාශය වෙන්න කලිනුයි නවත්වා ගන්න ඕනෑ. (නි)
ජයවේවා..... කතාව ඇත්ත (දී)
දැන් පාර්ලිමේන්තුවේ ඉන්න හාමුදුරුවරුන්ට මොනවද මේ සම්බන්ධයෙන් කරන්න පුලුවන්? (නි)
දෙයියනේ දැන් බිම හාරන්නත් බයයිනේ.බැරි වෙලාවත් යට මැටි කෝප්පයක් තිබුණත් එයත් පුරා වස්තුවක් කියා උරුම කියන්න එයිද දන්නේ නෑ....දැන් ඔතන පුරා වස්තු තියෙනවා කියල,කරන වැඩේ නවත්වල මොකක්ද කරන්න හදන්නේ?ඒක වටේ වැට බැදල තියන්නද යන්නේ? (ස)
මෙවන් ජාතික වස්තුන් වනසන දේවල් හෙලා දකින්න ඕනේ (දී)
කනගාටු හිතෙන පුවතක්
හාමුදුරුවනේ ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂා කරන්න (දී)
ඔබ වහන්සේලා 100% හරි (දී)
මෙපමණ විනාශයක් කරනකන් කට්ටිය නිදාගෙන හිටියද දන්නේ නැහැ. (නි)
සිංහලයන් විසින් දාගැබ් ,පිළිම , පුරාවස්තු කැඩුවාම නිදන් හෑරුවා කියල කියනවා . අන්යාගමිකයෙක් නිදන් හෑරුවාම බවුද්ධ උරුමයන් විනාශ කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියනවා. (අ)
මේ ප්‍රදේශ වල වැඩි වැඩියෙන් බෞද්ධ ජනතාව පදිංචි කළ යුතුයි. (නි)
බෞද්ධ උරුමයන් වැනසෙද්දී කටවල් පියාගෙන ඉන්න බැරි බවත් හැබැව. එහෙත් චන්ඩි වගේ නොවී මේවා අවදානයට ලක් කරන්න වෙන විදියක් ඇත්තෙම නැද්ද? (නි)
මාගේ පුර්ණ සහාය
මාතෘභූමියේ මහාර්ඝ ඉතිහාසය රැකගැනීම පුරවැසි සියළු දෙනාගේ පරම යුතුකමයි. එසේ නොකරන්නේ නම් ඔහු දෙශද්‍රෝහීන්සේ සලකා නිසිදඩුවම් දියයුතුයි. (නි)
නියම සිංහල බෞද්ධයිනි, නියම සිංහල බෞද්ධ සංවිධානයක් පිහිටුවමු. (නි)
අපේ ජාතික උරුමය රැුකීමට කෙනෙක් පත් කරන්න... (ස)
අන්න හාමුදුරුවනේ කරනවානම් වැඩ. රටතුළ විනාශ වන්නේ පෞරාණික පුරාවස්තුන් විතරක් නොවෙයි. මිනිසාගේ සදාචාරාත්මක පරිහානියත්, චිත්ත පාරිශුද්ධිය ඇති නොකරන්නා වු දේත් සිදුවෙමින් පවතිනවා. දුරාචාරය, සුරාපානය, සොරකම, මිනිමැරීම්, අල්ලස්, මහා පරිමානයෙන් දේශපාලකයන් සිදුකරන වංචා දිනෙන් දින දිනෙන් දින වැඩිවෙනවා. (නි)
ඒ විරෝදයට අපිත් ඉන්නවා
විරෝදය දක්වන්න අවශ්‍යයි (දී)
සමහරුන්ට මේවා දැක්කම පුදුම සතුටක් තියෙන්නෙ. (නි)
මේ විනාශය කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? (නි)
අපිත් ආගම වෙනුවෙන් වැඩ කරනවානම් යන්න ඕනේ ඊට සහාය දෙන්න (දී)
බෞද්ධ ඉතිහාසය සූරාගෙන කන සියල්ලන්ටම දඩුවම් කළ යුතුයි. (නි)
අගමැතිතුමා ආවනේ. දැන් ප්‍රශ්න විසදෙයිද බලමු. (නි)