IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සුගතදාස කී‍්‍රඩාංගණයේ කෘත‍්‍රිම ධාවන පථය යළි ඇතිරීම ලබන මස ඇරඹෙයි

සුගතදාස ක‍්‍රීඩාංගනයේ නව කෘති‍්‍රම ධාවන පථය එළීමේ කටයුතු ලබන මාසයේදී ආරම්භ කරන බව අදාළ ව්‍යාපෘතිය බාරව කටයුතු කරන දේශීය සමාගම පවසයි. මීටර් 400 ක දුරකින් යුත් කෘති‍්‍රම ධාවන පථය නැවත ඇතිරීමේ කටයුතු ජර්මනියේ ඉදිකිරීම් සමාගමක අධීක්ෂණයෙන් එහි ආසියානු කලාපීය නියෝජිත ආයතනය විසින් කරනු ලැබීමට නියමිතය. ධාවන පථය ඉදිකිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර හා උපකරණ රැගත් නැව් කීපයක් මේ වන විටත් ශ්‍රී ලංකාව බලා පිටත්වී ඇතැයි දේශීය නියෝජිත ආයතනය පවසයි. ස්විට්සර්ලන්තයේ රොටර්ඩෑම්, ජර්මනියේ හැම්බර්ග් හා හොංකොං යන වරාය තුනකින් අවශ්‍ය ද්‍රව්‍ය නැව් ගත කර තිබේ. ඒවායින් පළමුවැන්න ලබන සති අන්තයේදී පමණ කොළඹ වරායට ළඟාවීමට නියමිතය. සුගතදාස කෘති‍්‍රම ධාවන පථය යළි ඇතිරීම රුපියල් මිලියන 113 ක ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය නියෝජිත සමාගම තෝරා ගැනීමේ ටෙන්ඩරය විවාදයට තුඩුදුන් අතර ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසුවේ අඩුම ලංසුව ඉදිරිපත් කළ දේශීය සමාගමට ව්‍යාපෘතිය ප‍්‍රදානය කළ බවයි. ලබන ජූනි මාසයේ කොළඹදී     පැවැත්වෙන     ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය සඳහා මෙම ධාවන පථයේ ඇතිරීම් නිම කළ යුතුය. ධාවන පථය ඉදිකිරීම සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය සපයන සමාගම අන්තර් ජාතික මලල ක‍්‍රීඩා සංගමයේ අනුමැතිය ලත් වරලත් සමාගමක් බව ද අවධාරණය කෙරේ. මේ අතර සුගතදාස ක‍්‍රීඩාංගනයේ නව ඉදිකිරීම්වලට සමගාමීව ආරම්භ කළ පාපන්දු පිටියේ නවීකරණ කටයුතු මේ වන විට 90% කින් පමණ නිමාවට පත්ව තිබේ. එහි අලූතින් තණකොළ සිටුවීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි ද වාර්තාවේ. පාපන්දු පිටියේ නවීකරණ කටයුතු ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 32 කි. පාපන්දු පිටිය සකස් කිරීමේදී අඩි දෙකේ පමණ ගැඹුරට හාරා පස් අලූතින් පිරවීමට සිදුවූ බවත් ඊට හේතුවූයේ දීර්ඝ කාලයක් තිස්සේ නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් ක‍්‍රීඩාංගණය ගිලා බැසීම බවත් ඉදිකිරීම් සමාගම පවසයි. එහිදී පාපන්දු පිටියට ස්යංක‍්‍රීයව ජලය ඉසින ක‍්‍රමයක් මෙන්ම මුලූ ක‍්‍රීඩාංගණයට එකවර ආවරණය කළ හැකි කෘමීන් පාලනය කරන කෘමි ආරක්ෂක පද්ධතියකින්ද සමන්විත වනු ඇත. එවැනි කෘමි ආරක්ෂක පද්ධතියක් ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාංගණයක් සඳහා යොදාගන්නා පළමු අවස්ථාව එයවේ. සුගතදාස ක‍්‍රීඩාංගනයේ මෙවර නව ධාවන පථය ඉදිකිරීමේ විශේෂත්වය වන්නේ එය නිල් පැහැයෙන් සකස් කිරීමය. නිල් පැහැති ධාවන පථ ලොව වඩාත් අධිවේගී ධාවන පථ ලෙස සලකන බැවින් හා මෙතෙක් වැඩිම මලල ක‍්‍රීඩා ධාවන ඉසව් ලෝක වාර්තා පිහිටුවා ඇත්තේ නිල් පැහැ ධාවන පථ වලදී බැවින් ද ශ්‍රී ලංකාව සිය එකම අන්තර් ජාතික (ජවන හා පිටිය) ක‍්‍රීඩාංගනයේ කෘති‍්‍රම ධාවන පථය සඳහා රතු වර්ණය වෙනුවට නිල් වර්ණය තෝරාගෙන තිබේ. ජර්මනියේ ස්ටොක්මියර් උරේතනස් ආයතනයේ මෙහෙයවීමෙන් ඇක්ෂන් ස්පෝර්ට්ස් ඉන්ටර්නැෂනල් ලිමිටඞ්  ආයතනය ධාවන පථය ඉදිකරයි. ව්‍යාපෘතිය බාරව දේශීය සම්බන්ධීකරණ ආයතනය ලෙස ගහකොළ ලෑන්ඞ්ස්කේපින් ආයතනය කටයුතු කරයි. ඒ සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළුව ආයතන නවයක් ටෙන්ඩරය ලබා ගැනීම සඳහා තරග වැදුණි. සුගතදාස පිටියේ නව කෘත‍්‍රිම ධාවන පථය ඇතිරීම සඳහා පැරණි කෘති‍්‍රම ධාවන පථය ගලවා ඉවත් කරන අයුරු. පාපන්දු පිටිය අලූතින් තණකොළ සිටුවා සකස් කර තිබෙන අයුරු.



අදහස් (0)

සුගතදාස කී‍්‍රඩාංගණයේ කෘත‍්‍රිම ධාවන පථය යළි ඇතිරීම ලබන මස ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2385 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site