මෙල්බන්හිදී අද (28) අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයේදී තුවාල ලැබූ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සති හයත් අටත් අතර කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටිය යුතු බවට වෛද්‍ය උපදෙස් ලැබී ඇතැයි ඕස්ටේ‍්‍රලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඕස්ටේ‍්‍රලියානු වේග පන්දුයවන ක‍්‍රීඩක මිචෙල් ජොන්සන් යැවූ පන්දුවක් සංගක්කාරගේ වම් අතේ දබරැඟිල්ලේ වැදීමෙන් තුවාල වූ අතර එය ස්කෑන් පරීක්‍ෂාවකට ලක්කිරිමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.
ආබාධයකට ලක්ව සිටින වේග පන්දුයවන ක‍්‍රීඩක චානක වෙලගෙදරට සිඞ්නිහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයට සහභාගි විමේ අවස්ථාව අහිමිවී ඇති අතර ප‍්‍රසන්න ජයවර්ධන සහ නුවන් කුලසේකර ආබාධයන්ට ලක්ව සිටිය ද ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන්වැනි ටෙස් මැච් එක පැරදුනත් කියන්න දේවල් තියෙනවා (ස)
දැනට සිටින නවකයින්ට ඊළග තරගය භාරදුන්නා නම් හොදයි කියලයි මට හිතෙන්නේ. (නි)
කට්ටියට 200 ඒවා ගහගෙන සීරීස් පිටින් දිනාගන්නවා බංගලාදේශයට, සිම්බාබ්වේට එහෙම. අනේ මන්දා....ලකුණු 200ක් ගහගන්න බැහැනේ. මුරලි රටට සේවයක් කළා. මුරලිටත් ලැජ්ජාවක් මේක. තරුණයන්ට අවස්ථාවක් නැති එකයි මේකට හේතුව. (නි)
ඔයා නැතුව ක්‍රිකට් වැඩක් නෑ. ඉක්මනින් සනීප වෙන්න (ස)
මීට කලින් ඔස්ට්‍රේලියාව එක්ක ක්‍රීඩා කල එකද දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් වත් තුවාල නොවූනේ කොහොමද?.(ස)
සංගා, අපිට තවත් 10000ක් ඕනෑ. ඒ නිසා ඉක්මණින් සනීප වෙන්න. (නි)
ලංකාවේ අපේ ක්‍රිකට් අනාතයි. (නි)
සංගා ඔබ එදා 10000 ගහපුවෙලාවෙ මුළු පිටියෙම අය නැගිටලා ඔබට ආචාර කළ වෙලාවෙ අපට රටට පුදුම ආඩම්බරයක් දැණුනා.. අපට කදුළු ආවා.. ඔබට ඉක්මන් සුවය ලැබේවා..!(නු)
සංගා ඇතුලු තුවාල වූ සැමට ඉක්මන් සුවය ලැබේවා! (නි)
මට ගොඩක් දුකයි අයියේ. ඉක්මණින් සුවය ලබන්න. (නි)
ඔයාට ඉක්මන් සුව අයියේ. ඔයා කණ්ඩායමට වටින කෙනෙක්. (නි)
සංගා ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (ස)
සංගා ගැන මට දුකයි. ඒත් දිනේෂ් මල්ලි, ඔයා කොහොමහරි 100ක් ගහන්න උත්සාහ කරන්න. (නි)
හරියට කැටපෝලෙන් ක්‍රිකට් ගහනවා වගෙයිනේ වැඩේ වෙලා තියෙන්නේ. (නි)
ඔයා නැති ක්‍රිකට් අපිට එපා සංගෝ. ඔබට ඉක්මන් සුව! (නි)
අර ඕනෑම ලෙඩක් සුව කළ හැකි අපේ දොස්තර කෙනෙකුටවත් කියලා සංගාව ඉක්මණින් සනීප කරලා ගමුකෝ. (නි)
සංගා අයියා ඔයා ගොඩක් දක්ෂ කෙනෙක් . ඔයා නැතුව මැච් වැඩක් නෑ . ඇයි අපේ ටීම් එක හැමදාම පරදින්නේ (ස)
ක්‍රීඩකයන්ගේ මානසිකත්වය පහත වැටිලා... අතපත්තුලා හිටියනම් අපි ලෝක කුසලාන දෙකක් අරං.. අතපත්තු අයින් කලාට පුහුණු කරුවෙකුට හරි ගන්න උනා...!(නු)
සංගා ඉක්මනින් නැවත එන්න (ස)
ආබාධ වැඩියි වගේ (ස)
ඔයාලා දැන් කියන්නේ හිතලා මතලා මේ වැඩේ කරගත්තා කියලද? අනේ මෙහෙම සිරි ලංකාවක්? (නි)
අනේ සංගා, ඉක්මණටම සනීප වෙන්න. ඔයා නැති ලාංකීය ක්‍රිකට් අපිට එපා. (නි)
සංගා නැත්නම් ක්‍රිකට් නෑ ලංකාවේ , ඉක්මන් සුවය පතනවා (ස)
සංගා අයියා ඔයා ටීම් එකට කොපමණ වටිනවද කියලා කියලා නිම කරන්න බෑ. ඉක්මනින් සුවය ලබන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා (ස)
අපේ පන්දු යවන්නන් බවුන්සර් පන්දු යවා එයම ඔවුන්ට කළ යුතුයි..!(නු)
ඕස්ට්‍රේලියාව වගේ තණතිලිවල පන්දුවට පහරදෙන්න අපේ පිතිකරුවන්ට තාම පුහුණුවෙලා නැහැ වගේ... අපේ පන්දු යවන්නන්ගෙන් ඕස්ට්‍රේලියානුවන්ට කිසිම තර්ජනයක් නැහැ වගෙයි..!(නු)
මට ඇඩෙනවා (ස)