IMG-LOGO

සංගක්කාර සති 8 ක් ක‍්‍රීඩාවෙන් ඉවතට

මෙල්බන්හිදී අද (28) අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයේදී තුවාල ලැබූ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සති හයත් අටත් අතර කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටිය යුතු බවට වෛද්‍ය උපදෙස් ලැබී ඇතැයි  ඕස්ටේ‍්‍රලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
 ඕස්ටේ‍්‍රලියානු වේග පන්දුයවන ක‍්‍රීඩක මිචෙල් ජොන්සන් යැවූ පන්දුවක් සංගක්කාරගේ වම් අතේ දබරැඟිල්ලේ වැදීමෙන් තුවාල වූ අතර එය ස්කෑන් පරීක්‍ෂාවකට ලක්කිරිමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.
ආබාධයකට ලක්ව සිටින වේග පන්දුයවන ක‍්‍රීඩක චානක වෙලගෙදරට සිඞ්නිහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයට සහභාගි විමේ අවස්ථාව අහිමිවී ඇති අතර ප‍්‍රසන්න ජයවර්ධන සහ නුවන් කුලසේකර ආබාධයන්ට ලක්ව සිටිය ද ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.



අදහස් (0)

සංගක්කාර සති 8 ක් ක‍්‍රීඩාවෙන් ඉවතට

සුබ්‍රමනියම් Friday, 28 December 2012 01:41 PM

තුන්වැනි ටෙස් මැච් එක පැරදුනත් කියන්න දේවල් තියෙනවා (ස)

:       0       0

කාන්ස් Friday, 28 December 2012 11:42 PM

දැනට සිටින නවකයින්ට ඊළග තරගය භාරදුන්නා නම් හොදයි කියලයි මට හිතෙන්නේ. (නි)

:       0       0

මහේෂ් Friday, 28 December 2012 03:11 PM

කට්ටියට 200 ඒවා ගහගෙන සීරීස් පිටින් දිනාගන්නවා බංගලාදේශයට, සිම්බාබ්වේට එහෙම. අනේ මන්දා....ලකුණු 200ක්‌ ගහගන්න බැහැනේ. මුරලි රටට සේවයක් කළා. මුරලිටත් ලැජ්ජාවක් මේක. තරුණයන්ට අවස්ථාවක් නැති එකයි මේකට හේතුව. (නි)

:       0       0

තත්සරණී Sunday, 30 December 2012 10:56 AM

ඔයා නැතුව ක්‍රිකට් වැඩක් නෑ. ඉක්මනින් සනීප වෙන්න (ස)

:       0       0

අපොන්සු Friday, 28 December 2012 03:30 PM

මීට කලින් ඔස්ට්‍රේලියාව එක්ක ක්‍රීඩා කල එකද දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් වත් තුවාල නොවූනේ කොහොමද?.(ස)

:       0       0

තත්සරණි Tuesday, 01 January 2013 03:46 PM

සංගා, අපිට තවත් 10000ක් ඕනෑ. ඒ නිසා ඉක්මණින් සනීප වෙන්න. (නි)

:       0       0

රමිලා Friday, 28 December 2012 04:20 PM

ලංකාවේ අපේ ක්‍රිකට් අනාතයි. (නි)

:       0       0

සමන් Saturday, 29 December 2012 04:54 AM

සංගා ඔබ එදා 10000 ගහපුවෙලාවෙ මුළු පිටියෙම අය නැගිටලා ඔබට ආචාර කළ වෙලාවෙ අපට රටට පුදුම ආඩම්බරයක් දැණුනා.. අපට කදුළු ආවා.. ඔබට ඉක්මන් සුවය ලැබේවා..!(නු)

:       0       0

යොහාන් Saturday, 29 December 2012 07:30 AM

සංගා ඇතුලු තුවාල වූ සැමට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

කවින්ග Friday, 28 December 2012 05:29 PM

මට ගොඩක් දුකයි අයියේ. ඉක්මණින් සුවය ලබන්න. (නි)

:       0       0

අසන්ක Friday, 28 December 2012 05:26 PM

ඔයාට ඉක්මන් සුව අයියේ. ඔයා කණ්ඩායමට වටින කෙනෙක්. (නි)

:       0       0

ධනුෂ්ක Saturday, 29 December 2012 08:14 AM

සංගා ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (ස)

:       0       0

අයිවර් Friday, 28 December 2012 06:39 PM

සංගා ගැන මට දුකයි. ඒත් දිනේෂ් මල්ලි, ඔයා කොහොමහරි 100ක් ගහන්න උත්සාහ කරන්න. (නි)

:       0       0

කුරුවිට Friday, 28 December 2012 06:51 PM

හරියට කැටපෝලෙන් ක්‍රිකට් ගහනවා වගෙයිනේ වැඩේ වෙලා තියෙන්නේ. (නි)

:       0       0

තත්සරණි Sunday, 30 December 2012 02:39 PM

ඔයා නැති ක්‍රිකට් අපිට එපා සංගෝ. ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

තත්සරණි Sunday, 30 December 2012 02:42 PM

අර ඕනෑම ලෙඩක් සුව කළ හැකි අපේ දොස්තර කෙනෙකුටවත් කියලා සංගාව ඉක්මණින් සනීප කරලා ගමුකෝ. (නි)

:       0       0

චන්දන Saturday, 29 December 2012 09:02 AM

සංගා අයියා ඔයා ගොඩක් දක්ෂ කෙනෙක් . ඔයා නැතුව මැච් වැඩක් නෑ . ඇයි අපේ ටීම් එක හැමදාම පරදින්නේ (ස)

:       0       0

සදරුවන් කුවේට් Friday, 28 December 2012 07:24 PM

ක්‍රීඩකයන්ගේ මානසිකත්වය පහත වැටිලා... අතපත්තුලා හිටියනම් අපි ලෝක කුසලාන දෙකක් අරං.. අතපත්තු අයින් කලාට පුහුණු කරුවෙකුට හරි ගන්න උනා...!(නු)

:       0       0

අමිත් Saturday, 29 December 2012 09:13 AM

සංගා ඉක්මනින් නැවත එන්න (ස)

:       0       0

කළුආරච්චි Friday, 28 December 2012 12:24 PM

ආබාධ වැඩියි වගේ (ස)

:       0       0

කල්ප Friday, 28 December 2012 07:49 PM

ඔයාලා දැන් කියන්නේ හිතලා මතලා මේ වැඩේ කරගත්තා කියලද? අනේ මෙහෙම සිරි ලංකාවක්? (නි)

:       0       0

තත්සරණි Monday, 31 December 2012 08:35 PM

අනේ සංගා, ඉක්මණටම සනීප වෙන්න. ඔයා නැති ලාංකීය ක්‍රිකට් අපිට එපා. (නි)

:       0       0

උද්දික Friday, 28 December 2012 12:43 PM

සංගා නැත්නම් ක්‍රිකට් නෑ ලංකාවේ , ඉක්මන් සුවය පතනවා (ස)

:       0       0

නුවන් Friday, 28 December 2012 12:53 PM

සංගා අයියා ඔයා ටීම් එකට කොපමණ වටිනවද කියලා කියලා නිම කරන්න බෑ. ඉක්මනින් සුවය ලබන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා (ස)

:       0       0

මනෝජ් Friday, 28 December 2012 01:00 PM

අපේ පන්දු යවන්නන් බවුන්සර් පන්දු යවා එයම ඔවුන්ට කළ යුතුයි..!(නු)

:       0       0

ප්‍රදීප් අකලංක Friday, 28 December 2012 01:23 PM

ඕස්ට්‍රේලියාව වගේ තණතිලිවල පන්දුවට පහරදෙන්න අපේ පිතිකරුවන්ට තාම පුහුණුවෙලා නැහැ වගේ... අපේ පන්දු යවන්නන්ගෙන් ඕස්ට්‍රේලියානුවන්ට කිසිම තර්ජනයක් නැහැ වගෙයි..!(නු)

:       0       0

ඇලඩින් Friday, 28 December 2012 01:23 PM

මට ඇඩෙනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site