IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සංගක්කාර දෙවැනි තැනට වැටෙයි

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරිමේ පළමු ස්ථානයේ සිටි හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර දෙවැනි ස්ථානයට වැටී තිබේ.  ඕස්ටේ‍්‍රලියානු පිලේ නායක මයිකල් ක්ලාක් මේ වන විට පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටියි. දකුණු අප‍්‍රිකාවට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේදී මයිකල් ක්ලාක් නොදැවී ලකුණු 259 ක් රැුස්කරමින් සිවුවැනි ස්ථානයේ සිට පළමු ස්ථානය දක්වා උසස්වීම් ලැබීය. දෙවැනි තරගයට පෙර ප‍්‍රසාද ලකුණු 857 ක් ලබා සිටි ක්ලාක් මේ වන විට ප‍්‍රසාද ලකුණු 890 ක් හිමිකරගෙන සිටියි. නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසුව ද ප‍්‍රසාද ලකුණු 880 ක් ලබා පළමු ස්ථානයේ සිටි සංගක්කාර මේ වන විට දෙවැනි ස්ථානයට තල්ලූ වී තිබේ. සංගක්කාර සහ ක්ලාක් අතර මේ වන විට ප‍්‍රසාද ලකුණු 10 ක පරතයක් නිර්මාණය වී තිබේ.



අදහස් (0)

සංගක්කාර දෙවැනි තැනට වැටෙයි

තත්සරණි Saturday, 01 December 2012 06:15 PM

සංගා, ඔයා ආයෙත් 1ට එනවාමයි. (නි)

:       0       0

තුෂාර Thursday, 29 November 2012 08:20 PM

නියමයි සංගා සැලෙන්න එපා (දී)

:       0       0

තාරුකා Thursday, 29 November 2012 08:23 PM

අපි ඔබට ආදරෙයි සංගා (දී)

:       0       0

තත්සරණී Friday, 30 November 2012 10:31 AM

කමක් නෑ සංගා ඔයා අපේ හිත්වල අංක 1 තමයි (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 28 November 2012 12:07 AM

සංගක්කාරට ඉක්මනට පළමු තැන ආයෙ ලැබෙයි..!(නු)

:       0       0

යොහාන් Wednesday, 28 November 2012 07:34 AM

අයියෝ සල්ලි

:       0       0

නුවන් Wednesday, 28 November 2012 08:34 PM

අයියෝ! අර පිටි ජාතිය බීලාවත් හරිගියේ නැද්ද? (නි)

:       0       0

කමල් Wednesday, 28 November 2012 02:21 PM

සංගා , පළමුවෙන් හිටියත් දෙවනුව හිටියත් අපි ඔබ සමගයි (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 28 November 2012 08:04 AM

කිරි බිව්ව‍ට හරියන්නේ නෑ , වැඩ පෙන්වන්න ඕනි. 1 වෙනි තැන රැකගන්න අමාරුයි (ස)

:       0       0

අජිත් Wednesday, 28 November 2012 08:05 AM

සංගා ,ඔයා කොහොමත් ලංකාවේ 1ට නේ ඉන්නේ , අපිට ඒ ඇති (ස)

:       0       0

වරුණ Wednesday, 28 November 2012 07:59 AM

හැමදාම 1 වෙනි තැන ඉන්න බෑ වගේම හැමදාම ලකුණු 100 ගහන්නත් බෑ (ස)

:       0       0

සුනිල් Wednesday, 28 November 2012 08:50 AM

ගණන් ගන්න එපා සංගා. ජීවිතය ඔහොම තමයි. (නි)

:       0       0

ජයමහ Wednesday, 28 November 2012 08:53 AM

සංගක්කාර ප්‍රථම ස්ථානයේ සිටීම රටට ගෞරවයක් තමයි. ඒ වුනාට පෞද්ගලික ජයග්‍රහණ පමණක් තමයි මේ ක්‍රීඩකයෝ යටතේ රටට ලැබිලා තියෙන්නේ... සංගක්කාර නැවතත් ප්‍රථම ස්ථානයට එයි... මට නම් හිතෙන්නෙ ඒ පෞද්ගලික ජයක් නිසා තියෙන උනන්දුව නිසා කියලයි... මීට වඩා හොදයි අර පැරදුනු ලෝක කුසලාන 4න් 1ක් වත් දිනුවනම්...!(ස)

:       0       0

මානවී Thursday, 29 November 2012 12:30 AM

සල්ලි වලට කිරි බිව්වට 1 වෙන්නේ නෑ (ස)

:       0       0

මානවී Thursday, 29 November 2012 12:30 AM

එහෙම තමයි. ලේසියෙන් එක ගන්න බැහැ. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 28 November 2012 03:42 PM

සංගා නිහතමානී කොල්ලෙක් විදියට ලෝකේ ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ හැමදාම පළවෙනි ස්ථානයේ ඉන්නවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site