අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරිමේ පළමු ස්ථානයේ සිටි හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර දෙවැනි ස්ථානයට වැටී තිබේ. ඕස්ටේ‍්‍රලියානු පිලේ නායක මයිකල් ක්ලාක් මේ වන විට පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටියි.
දකුණු අප‍්‍රිකාවට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේදී මයිකල් ක්ලාක් නොදැවී ලකුණු 259 ක් රැුස්කරමින් සිවුවැනි ස්ථානයේ සිට පළමු ස්ථානය දක්වා උසස්වීම් ලැබීය. දෙවැනි තරගයට පෙර ප‍්‍රසාද ලකුණු 857 ක් ලබා සිටි ක්ලාක් මේ වන විට ප‍්‍රසාද ලකුණු 890 ක් හිමිකරගෙන සිටියි.
නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසුව ද ප‍්‍රසාද ලකුණු 880 ක් ලබා පළමු ස්ථානයේ සිටි සංගක්කාර මේ වන විට දෙවැනි ස්ථානයට තල්ලූ වී තිබේ. සංගක්කාර සහ ක්ලාක් අතර මේ වන විට ප‍්‍රසාද ලකුණු 10 ක පරතයක් නිර්මාණය වී තිබේ. 
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගක්කාරට ඉක්මනට පළමු තැන ආයෙ ලැබෙයි..!(නු)
අයියෝ සල්ලි
කිරි බිව්වට හරියන්නේ නෑ , වැඩ පෙන්වන්න ඕනි. 1 වෙනි තැන රැකගන්න අමාරුයි (ස)
සංගා ,ඔයා කොහොමත් ලංකාවේ 1ට නේ ඉන්නේ , අපිට ඒ ඇති (ස)
හැමදාම 1 වෙනි තැන ඉන්න බෑ වගේම හැමදාම ලකුණු 100 ගහන්නත් බෑ (ස)
ගණන් ගන්න එපා සංගා. ජීවිතය ඔහොම තමයි. (නි)
සංගක්කාර ප්‍රථම ස්ථානයේ සිටීම රටට ගෞරවයක් තමයි. ඒ වුනාට පෞද්ගලික ජයග්‍රහණ පමණක් තමයි මේ ක්‍රීඩකයෝ යටතේ රටට ලැබිලා තියෙන්නේ... සංගක්කාර නැවතත් ප්‍රථම ස්ථානයට එයි... මට නම් හිතෙන්නෙ ඒ පෞද්ගලික ජයක් නිසා තියෙන උනන්දුව නිසා කියලයි... මීට වඩා හොදයි අර පැරදුනු ලෝක කුසලාන 4න් 1ක් වත් දිනුවනම්...!(ස)
සංගා , පළමුවෙන් හිටියත් දෙවනුව හිටියත් අපි ඔබ සමගයි (ස)
සංගා නිහතමානී කොල්ලෙක් විදියට ලෝකේ ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ හැමදාම පළවෙනි ස්ථානයේ ඉන්නවා (ස)
අයියෝ! අර පිටි ජාතිය බීලාවත් හරිගියේ නැද්ද? (නි)
සල්ලි වලට කිරි බිව්වට 1 වෙන්නේ නෑ (ස)
එහෙම තමයි. ලේසියෙන් එක ගන්න බැහැ. (නි)
නියමයි සංගා සැලෙන්න එපා (දී)
අපි ඔබට ආදරෙයි සංගා (දී)
කමක් නෑ සංගා ඔයා අපේ හිත්වල අංක 1 තමයි (ස)
සංගා, ඔයා ආයෙත් 1ට එනවාමයි. (නි)