ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ කඨින පින්කම මහා බ්‍රිතාන්‍යයේ සංඝ නායක ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්ය කඹුරාවල සිරි රේවත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ලන්ඩන් විහාරවාසි කොන්වැවේ අරියරතන තේම්ස් බෞද්ධවිහාරයේ කහන්තේවෙල චන්ද ජෝති, පුලස්තිගම ධම්මකුසල, කරවිලකොටුවේ ධම්මතිලක , මතුගම පාලිත, දෙනගම ධම්මරාම හිමිවරු පින්කමට වැඩම කළහ.
ඇබර්ඩීන්, එඩින්බරා, ස්ටර්ලින්, ඩන්ඩි, ඉන්වර්නස් පළාත් හි ශ්‍රී ලාංකිකයෝ ද බුදුදහම වැළඳ ගත් ස්කොට්ලන්ත ජාතිකයෝ ද පින්කමට එක් වූහ.
කේම්බ්‍රිජ් පදිංචි සරත්චන්ද්‍ර යුවළ විහාරයට මෝටරියක් පරිත්‍යාග කළහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
''පින් කළ අය යන- යන තැන ගරු නම්බු - පව් කළ අය යන-යන තැන අවනම්බු".... (නි)
මේවාගේ පින්කම් දකිනකොට හිතට දැනෙනවා පුදුම සතුටක්. සාදු සාදු සාදු ! (නි)
සාධු...සාධු...සාධු...
බුදු සසුන බැබළේවා (ස)
සියලුම ස්වාමින් වහන්සේලා කසාවතින් බැබළෙනවා දැකීමත් හිතට ශ්‍රද්ධාව උපදින්නක්. අපේ හාමුදුරුවරුත් මේ වගේ විනය කර්මයකටවත් එකපාට සිවුරු පොරෝනවා නම් දකින අපිට කොපමණ සතුටක්ද? අපැහැදුණු අයගේ පැහැදීම සඳහාත් පැහැදුණු අයගේ පැහැදීම වැඩි කිරීමටත් එය හේතු වෙනවා! මේ හාමුදුරුවරු හැමට ආදර්ශයක් නොවේද? (නි)
කටිනයාක් කියන්නේ මහා පින් කමක්
ඔබ වහන්සේලා රට රටවල කරන මෙම සේවාව ඉතා අගය කරනවා. තෙරුවන් සරණයි! (ස)