බල්ලන්ටත් රියදුරු පුහුණුව දීමට සත්ව හිංසාවන්ට එරෙහි නවසීලන්තයේ සංවිධානයක් සැරසෙයි.
පුහුණුකරු මාක් වෙටේ පවසන අන්දමට මේ සදහා අයාලේ යන බල්ලන් තෝරා ගෙන ඇත. මුලින්ම රෝද පුටුවක හැඩයට තනන මෝටර් රථයක අනුරුවක ආධාරයෙන් පුහුණුව ලබාදේ.
මාක් පවසන අන්දමට ලොකුම අභියෝගය නම් තිරිංග,පැඩල හා ගියර, භාවිතා කිරීමට මේ සිව්පා රියදුරන්ට හුරු කිරීමය.
සාර්ථක ලෙස මූලික පුහුණුව නිම කළ බල්ලන් කිහිප දෙනෙකු මේ දිනවල සැබෑ මෝටර් රථයක් පැදවීමට පුහුණුව ලබති. විශේෂ ඇටවුමක් ආධාරයෙන් ඔවුන්ගේ පසු පා පැඩල හා සබන්ධ කෙරෙන අතර පෙර පා සුක්කානම හැසිරවීමට හා ගියර මාරු කිරීමට යොදාගැනෙනු ඇත.
මේ සතුන්ගේ හැකියා දැකීමෙන් හෝ සිය සුරතලූන්ට නිසි ලෙස සැළැකීමට මිනිසුන් යොමු වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මාක් කියයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි(දී)
නීති විරෝදී ලෙස පගාවට ලයිෂන් දෙන්න ගියොත් ලංකාවටත් වෙන්නේ ඕකම තමයි (දී)
ලංකාවෙනම් ඕක වෙලා ගොඩාක් කල් (දී)
විකාර
දැන් අපිට බලු වැඩත් අගයන්න වෙලානේ. අනේ කාලේ වනේ වාසේ කිවුවලු. (නි)
මටනම් හිනාත් යනවා ඇත්තට (දී)
බල්ලෝ කොහෙද වාහන එලවන්නේ (දී)
හෙට අනිද්දා වෙනකොට බල්ලන්ට ඡන්දය ඉල්ලන්නත් පුරුදු කරාවි. (ත)
තනිකරම පිස්සු (ස)
අනේ වාසනාවන් ! , හොඳට පුහුණු කරලා ශ්‍රී ලංකාවට එවන්න පුද්ගලික බස් ධාවනය කරන්න , දැනට ඒවා ධාවනය කරන සමහර දෙපා රියදුරන් ඊටත් අන්තයි . (ත)
සුද්දන්ටත් පිස්සු නැත්නම් ෂෝක්. (ත)
මේ වැඩේ සාර්තකනම්, අපේ රටේ දඩාවතේ යන බල්ලො ඕන තරම් ඉන්නවා. ඉල්ලුම අනුව අපට සපයන්න පුළුවන්. (ත)
බලු වැඩ. (ත)
වැඩි හරිය සුක්කානම අතට අරන් තියෙන්නේ මේ වගේ අය තමයි (ස)
කොහොමත් අපේ රටේ රිය පැදවීමනම් බල්ලට ගිහින් තමයි (ස)
මෙහෙ වාහන එලවන බල්ලන්ටත් ඒ අයගෙන්ම පුහුණු කරන්න ඔනේ (ස)
අයියෝ සල්ලි
අපෝ අපේ රටේ සුක්කානම බල්ලට ගිහින් ගොඩක් කල් (ස)
අයියෝ සල්ලි (ස)
වෙනම වාහන වර්ගයකුත් හදුන්වලා දෙයි(දී)
මෙහෙනම් ඒ වගේ අයට බලපත්‍රත් දීලා වාහනත් පදවනවනේ (ස)