
(යොහාන් භාසුර)
හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායකයා ලෙස පත්කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොල්ගහවෙල. ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් ඒ මහතා පත්වීම බාරගත්තේය.
එම අවස්ථාවට පක්ෂයේ මහ ලේකමි දුමින්ද දිසානායක, ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සමිපත් දසනායක , භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න,පක්ෂයේ උප ලේකමි ජගත් පුෂ්පකුමාර , පලාත් හිටපු අමාත්‍ය කුරුණෑගල ආසන සංවිධායක ලක්ෂ්මන් වෙඩරුව මහත්වරු ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd