
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව වර්තමානය වන විට අතිශයින් ශෝචනීය මෙන්ම භයානක තත්වයකට පත්ව ඇති බවත් අධිආරක්‍ෂිත කළාපයක් තුළ හෝ ඊට ආසන්නයේ පසුගියදා නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ටී56 කින් සහ පිස්තෝලයකින් අමුඅමුවේ ඝාතනය කිරීම නිසා නීතිඥයන්ට බියක් නොමැතිව වෘත්තීය කටයුතු කළ නොහැකි වී ඇති බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (18) පැවසීය.
ආණ්ඩුව ගෙන යන අදූරදර්ශි ක්‍රියාමාර්ගවලට එරෙහිව විපක්‍ෂයේ පක්‍ෂ සන්ධානගත වීම සඳහා ‘මහජන හඬ සංවිධානය’ පොදුජන පෙරමුණ පක්‍ෂයේ ප්‍රධානීන් සමඟ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී අද (18) පැවැති සාකච්ඡාවට පෙර මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.
වර්තමානයේ මෙරට තත්වය අනුව විපක්‍ෂයේ සියලුම කණ්ඩායම් තම තමන්ගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන් ආරක්‍ෂා කරමින් ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් එක තැනකට පැමිණිය යුතු යැයි විශ්වාස කරන බවත් පක්‍ෂ හෝ සන්ධාන පිහිටුවීමක් නොව රටේ දැවෙන සහ වැඳගත් ප්‍රශ්නවලදී සෑම දෙනාම පොදු අරමුණක් සඳහා එකට වැඩකරන ලෙස මහනුවරදී මල්වත්ත සහ අස්ගිරි මහනායක හිමිවරු බැහැදුටු අවස්ථාවේදී උපදෙස් දුන් බවත් ඒ මහතා කීය.
මෙරට යුත්කතිය පසඳලීම සඳහා විනිශ්චකාරවරු සහ නීතිඥවරු අවශ්‍ය මෙන්ම මෙම දෙපිරිසෙන් එක පාර්ශවයක් නොමැති වුවහොත් යුත්කතිය පසඳලීමේ කටයුතු සම්පූර්ණයෙන් කඩා වැටෙන බවත් විනිශ්චකාරවරුන්ට සිතේ භයක් නොමැතිව ඔවුන්ගේ කාර්යභාරය ඉෂ්ට කිරීමේ හැකියාව නැති වන බවත් හෙතෙම කීය.
නඩු ඇසිය යුත්තේ ප්‍රසිද්ධයේ යන්න ආණ්ඩුක්‍රම ව්‍යාපවස්ථාවේ පැහැදිළිව සඳහන්ව ඇති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ ඒ වගේම මාධ්‍යවේදීන් එයට සහභාගි වී ඒ පිළිබඳ නිවැරදි තොරතුරු සමාජය දැනුවත් කිරීමේ අවස්ථාව ලැබිය යුතු බවත්ය.
නීතිඥවරයාගේ ඝාතනය වී විනාඩි 20ක් ගතවීමට පෙර එම නීතිඥවරයා කුඩු කණ්ඩායම්වලට සම්බන්ධයි, ඔවුන්ගේ නඩුවලට පෙනී සිටි නිසා ඝාතනය කළා යැයි කිසිඳු විමර්ශනයකින් තොරව ප්‍රසිද්ධ කළ බවත් එම කටකථාව හේතුවෙන් වමර්ශන සම්බන්ධයෙන් සම්පූර්ණ විකෘතියක් ඇති වූ බවත් ඒ මහතා පැවසීය.
ඒවා වෙනත් පටු අරමුණ සාක්ෂාත්කරගැනීම සඳහා කරන ප්‍රයත්නයන් බව කී ජී. එල්. පීරිස් මහතා නීතිපති දෙපාර්තමේන්තුවට මෙරට ඉතිහාසායේ සිකිඳු දිනක නොතිබුණු විදියට බලපෑමක් ඇති බව ද සදඟනන් කළේය.
සාක්‍ෂි තිබුණත් නැතත් නඩු පවරන්න යැයි නීතිපතිවරයාට බලපෑම් කිරීමට කිසිවකුට අයිතියක් නොමැති අතර ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ සම්ප්‍රදාය අනුව හෘදසාක්‍ෂි අනුව කිසිඳු පරිබාහිර බලපෑමක් නොමැතිව නඩු පැවරීමට නීතිපතිවරයාට පැහැදිළි වගකීමක් සහ පරිසරයක් තිබිය යුතු බවත් නීතිපතිවරයාට බලපෑමක් කරන්නේ නම් යුක්තිය පසඳලීම පිළිබඳව ගැටලුවක් මතු වන බවත් ඔහු කීය.
මෙම ආණ්ඩුවම පත්කළ රාජ්‍ය සේවකයන් වැඩකළ නොහැකිවීම නිසා ඉවත්වෙමින් ඇති අතර කාන්තාවන්ගේ සුබ සිද්ධිය ගැන කතා කරන වර්තමාන ආණ්ඩුව කාන්තා සුබ සිද්ධිය වෙනුවෙන් පත්කළ කොමිෂන් සභාවේ නිලධාරීනිය එහි සිටීමෙන් ප්‍රතිපලයක් නොමැති යැයි පවසා ඉල්ලාඅස්වූ බව කී මහාචාර්යවරයා වර්තමාන ආණ්ඩුව පත්කළ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වැඩකිරීමට නොහැකි යැයි පවසා ඉවත්වූ බවත් ඒ මහතා කීය.
මෙම සියලු දේටම මුහුණ දීම සඳහා ‘රජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්‍ෂා කිරීම’ යන ශිර්ෂය යටතේ ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනතක් ගෙන ඇති බවත් එය රට තුළ නීතිගත වුණහොත් මෙරට චිරාත් කාලයක් ආරක්‍ෂා කළ ප්‍රජාතන්තත්‍රවාදී ආයතන ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියෙන් සම්පූර්ණයෙන්ම අතුගෑවී යන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
IMF එකේ මතය ලොක්කා දැක්කයි? ඔයාගෙ පච දැන් එක්ස්පයර්ඩ්. අපේ ගෙවල් ලඟ හරි ෂෝක් වැඩිහිටි නිවාසයක් තියෙනවා හිටිය වැඩි අයට.
පව්ල් පාලන ආණ්ඩුව කාලේ ලන්කාව කිරියෙන් පැණියෙන් ඉතිරිලා ආසියාවේ ආස්චර්ය ලෝකෙටම පෙන්නුවා කියලා හිතාගෙන ඇති. තමුන්ට නම් දුකක් ඇති, එහෙට මෙහෙට පැන පැන ඇමැතිකම් අරගෙන සදහටම බලයේ ඉන්න හදපු හැටි දන්නෝ හොන්දාකාරවම දන්නවා.
සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු හැටි, රටේ යුක්තිය නීතිය සාධාරණය විනාශ කරලා අධිකරණය පවා දේශපාලණීකරණය කරපු හැටි තමුන් දන්නේම නැහැ...
අප්පට සිරි... මෙච්චරකල් කොහේද හිටියේ...?
හරි හරි ඔයාලට ශෝචනීය කාලයක් ඇවිල්ලා තමයි. අපිට මහ ජනතාව විදියට එහෙම එකක් දැනෙන්නේ නෑනේ ලොක්කා . අපි රට යන අත ගැන සතුටින් ඉන්නේ. පුලුවන් නම් ඔයාලාගේ ජාතික නායක නෑමල්ට කියන්න එයාගේ පාතාල සගයින්ට කියන්න කියලා උඹලත් කොල්ලො, මමත් කොල්ලෙක්, මැරෙන්නෙත් කොල්ලො කියලා ඕවා දැන් නවත්වන්න කියලා පාතාලයින්ට කියන්න කියල. එතකොට ඔය ශෝචනීය ගතිය අඩු වෙලා යයි. පව් අනේ ඔයාලා...
පාතාලේ සමග නීතිමය වශයෙන් හෝ නීතිවිරෝධී ගනු දෙනුවක්... කරන එක ඉතා භයානක දෙයක් එක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ... රටේ සිටින පෙරකදෝරුවෝ සියලු දෙනාටම මරණ තර්ජන එල්ල වෙලා නැහැ.. පාතාලේ සමග ඍජුව ගනු දෙනු කරන්නේ පෙරකදොරුවන් ගෙන් 10% අඩු ප්‍රමාණයක්.., බොහෝමයක් පෙරකදෝරු මහත්වරුන්ට තමන්ට එන හැම නඩුවක්ම භාර ගන්න කියලා නීතියක් නැහැ... රටේ ඉන්න බහුතරයක් පෙරකදෝරුවෝ පාතාලේ කුඩු සල්ලි පිටුපස දුවන්නේ නැහැ.
ලැබුණු මහාචාර්ය පට්ටම බල්ලට දැම්මා රාජපක්ෂ කල්ලියට කඩේ ගිහිල්ලා.
ඔයාලගේ කාලේ අපිට වෙන්න ඕනෑ හැමදේම වුණා රට බන්කොලොත් කළා හොරාකාලා... දැන් ලැජ්ජා නැතිව එනවා මාහාචාර්ය ටෝක් දාන්න.