IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ශූරතාවට කිට්ටු කළ රත්නම් පිලට අනපේක්‍ෂිත ප‍්‍රහාරයක්

හිටපු ශූරයන් වන මීගමුව දොන් බොස්කෝ කණ්ඩායම හමුවේ රත්නම් කණ්ඩායම ගෝල 4-3 ක පරාජයක් ලැබුවත් මෙවර (2011) ප‍්‍රධානතම පාපන්දු ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමේ අවස්ථාව ඔවුන්ට තවදුරටත් හිමිව තිබේ. ඒ අනුව රත්නම් කණ්ඩායම ලබන සෙනසුරාදා (25) ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළත් ඔවුන්ට ලීග් ශූරතාව දිනාගැනීමට එය හොඳටම ප‍්‍රමාණවත්ය. ගුවන් හමුදාව රත්නම් පරාජයට පත්කළත් ලීග් කිරුළ හිමිකර ගැනීමේ ඔවුන්ගේ අපේක්ෂා තවදුරටත් රඳවා ගැනීමේ අවස්ථාව අලූත්ම ප‍්‍රතිඵල අනුවත් හැකියාව ලැබී තිබේ. මේ වන විට ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැුඳී සිටින යුදහමුදා කණ්ඩායමටද ප‍්‍රධානතම තරගාවලියේ ශූරතාව කෙරෙහි තවදුරටත් සිතන්නට අවස්ථාවක් ඉතිරිකර තිබේ. එහෙත් ලීග් ශූරතාව දිනන්න නම් ඔවුන් ඉරිදා (26) වෙන්නප්පුව නිව් යංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය ජය ගනිමින් රත්නම් හා සම ලකුණු වාර්තා කිරීමෙනුත් ඒ සඳහා ප‍්‍රමාණවත් නොවේ. එම ජයග‍්‍රහණය අවම ගෝල 6-0 කින් පමණවත් වාර්තා කළ යුතුය. යුද හමුදාව මෙම තරගාවලියේ ගියවරත් අනුශූරතාව ලද කණ්ඩායමයි. කෙසේ වුවත් නන්දිමිත‍්‍ර කණ්ඩායමට එරෙහිව පසුගිය තරගයේදී ගෝල 6-0 දැවැන්ත ජයක් ලැබීමට තරම් ඔවුන්ගේ ප‍්‍රහාරය දැඩි එකක් විය. මේ අතර තරගාවලියේ ශූරයා තීරණය කිරීම සඳහා මේ වසරේ පටන් යළිත් ශූරයන්ගේ ශූරයා පිළිමලූන් පිටුදැකීමේ තරග වටය පැවැත්වීමට පාපන්දු සම්මේලනය සූදානම් වේ. ඒ සඳහා ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා පැමිණි කණ්ඩායම් සහභාගි කර ගැනේ. එහිදී කෙළින්ම අවසන් පූර්ව වටය එම කණ්ඩායම් හතර අතර පැවැත්වේ. එහිදි ජය ලබන කණ්ඩායම් දෙක අතර මෙවර තරගාවලියේ ශූරතාව සඳහා අවසන් තරගය පැවැත්වේ. ඒ සඳහා ප‍්‍රදානය කෙරෙන තෑගි මුදල රුපියල් ලක්ෂ පහකි. මේ සති අන්තයට නියමිත තරග වටයෙන් පසු ලීග් තරග මාලාව නිමාවට පත්වේ. මේ අතර තරගාවලියේ මෙවර වැඩිම ගෝල ලාභියාත් බවට පත්වීමට යුද හමුදා කණ්ඩායමේ මොහොමඞ් ඉෂඞීන් සමත්ව සිටියි. ඔහු මෙතෙක් රැුස් කළ ගෝල ගණන 14 කි. බ්ලූස්ටාර්ස් පිලේ මොහොමඞ් ෆර්ෂින් ගෝල 12 ක් හා රත්නම් පිලේ ඊ.බී. චන්න ගෝල 11 ක් රැුස්කරද්දී නුවන් පි‍්‍රංයකර (නන්දිමිත‍්‍ර) හා රංග ප‍්‍රදීප් ප‍්‍රනාන්දු (දොන් බොස්කෝ) ගෝල නවය බැගින් සම ගෝල ගණනක්  ලබා සිටිති. මෙවර තරගාවලියේ ලද පසුබෑම හමුවේ මේ වන විට නිකුත් වී තිබෙන ප‍්‍රතිඵල අනුව ජාවාලේන් නිව්යංග්ස් හා නන්දිමිත‍්‍ර යන කී‍්‍රඩා සමාජ තුනෙන් දෙකකට ලබනවර තරගාවලියෙන් ඉවත්ව යාමට සිදු වනු ඇත. තරගාවලියට ලබන වසරේදී එක්වීමට අපේක්ෂාවෙන් පසුවන කණ්ඩායම් අතර කුරුණෑගල පෙලිකන්ස්, මීගමුව යූත්,  ඕල්ඞ් බෙන්ස්, කළුතර පාක් පෙරමුණේ පසුවන්නේ ප‍්‍රධානතම පළමු පෙළ තරගාවලියේ දැනට ඉදිරියෙන් පසුවන කණ්ඩායම් ලෙසය. එහෙත් ඒ සඳහා අවස්ථාව හිමිවන්නේ එම තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව ලබන කී‍්‍රඩා සමාජ දෙකට පමණි. තරග ප‍්‍රතිඵල - පොලිස් පිල විසින් සෝන්ඩර්ස් පිල පරාජය කරන ලදී. (1-0) - නාවික හමුදා පිල විසින් ජාවාලේන් පිල පරාජය කරන ලදී. (3-1) - යුද හමුදා පිල විසින් නන්දිමිත‍්‍ර පිල පරාජය කරන ලදී (6-0) - ගුවන් හමුදා පිල විසින් වෙන්නප්පුව නිව් යංග්ස් පිල පරාජය කරන ලදී. (1-0) - මීගමුව දොන් බොස්කෝ පිල විසින් රත්තම් පිල පරාජය කරන ලදී (4-) - කළුතර බ්ලූස්ටාර්ස් පිල පරාජය කරමින් රිනවුන් පිල ජය ලැබීය. (2-0) -පොලිස් පිල හා රිනවුන් පිල අතර තරගය ජයපැදුමෙන් තොරයි.(1-1) - රත්නම් පිල විසින් කළුතර බ්ලූස්ටාර්ස් පිල පරාජය කරන ලදී. (2-1) - මීගමුව දොන් බොස්කෝ පිල විසින් වෙන්නප්පුව නිව්යංග්ස් පිල පරාජය කරන ලදී (1-0) -නන්දිමිත‍්‍ර පිල හා ගුවන් හමුදා පිල අතර තරගය ජයපැදුමෙන් තොරයි (2-2) -ජාවාලේන් පිල හා යුද හමුදා පිල අතර තරගය ජය පැදුමෙන් තොරයි. (0-0) - නාවික හමුදා පිල විසින් සෝන්ඩර්ස් පිල පරාජය කරන ලදී. (2-0) සති අන්තයේදී පැවැත්වීමට නියමිත තරග (ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිල තරග කාලසටහනට අනුවයි.) සෙනසුරාදා (25) - රත්නම්- ගුවන් හමුදාව අතර සිටිලීග් පිටියේදී. - නන්දිමිත‍්‍රxනාවික හමුදාව අතර කැලණිය පාපන්දු පිටියේදී. (ඉරිදා-26) - පොලිස් - බ්ලූස්ටාර්ස් අතර බම්බලපිටිය පොලිස් පිටියේදී. - රිනවුන්-දොන් බාස්කෝ අතර කැලණිය පාපන්දු පිටියේදී. -නිව්යංග්ස් -යුද හමුදා අතර වෙන්නප්පුව ශ්‍රීමත්  ඇල්බට් පිරිස් පිටියේදී ජාවාලේන් සෝන්ඩර්ස් අතර සිටිලීග් පිටියේදී



අදහස් (0)

ශූරතාවට කිට්ටු කළ රත්නම් පිලට අනපේක්‍ෂිත ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2380 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1746 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site