ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (17) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 65 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පිල ජයග‍්‍රහණය සඳහා ලකුණු 393 ක ඉලක්කය සම්පූර්ණ කළ යුතු අතර කඩුලූ 8 ක් අතැතිව තවත් ලකුණු 328 ක් පසු පසින් සිටියි. ඕස්ටේ‍්‍රලියා පිල පළමු ඉනිම ඕවර 131 කදී කඩුලූ 5 ට 450 සහ දෙවැනි ඉනිම ඕවර 73.5 කදී සියලූ දෙනා දැවී 278 (එඞ් කවන් 56, ඬේවිඞ් වෝනර් 68, පිලිප් හියුස් 16, මයිකල් ක්ලාක් 57, මයික් හසී 31, චානක වෙලගෙදර 89/3, රංගන හේරත් 96/5) ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 109.3 කදී සියලූ දෙනා දැවී 336 සහ දෙවැනි ඉනිම ඕවර 37 කදී කඩුලූ 2 ට 65 (දිමුත් කරුණාරත්න 30, කුමාර් සංගක්කාර නොදැවී 18)
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකාවට ලකුණු 393 ක ඉලක්කයක්
සංජිව Monday, 17 December 2012 11:14 PM
කෝ ඉතින් දිනා ගන්න බැරි උනානේ (දී)
අනුර Monday, 17 December 2012 04:28 PM
ලෝක කුසලානයෙන් පස්සේ මට නම් ක්‍රිකට් අජීර්ණයි. (නි)
හේරත් Monday, 17 December 2012 04:31 PM
ඔන්න මහේල, නම රැකගන්න අවස්ථාවක්. (නි)
නයනා Tuesday, 18 December 2012 01:02 AM
ජයවේවා, බැරි නැහැ අපිට (දී)
ගාමිණී Tuesday, 18 December 2012 01:27 AM
අපට ඉතින් පුළුවන් පතන එක විතරයි. ගහන එක නොගහන එක එයාලගේ වැඩක්. (ස)
රසිකා Monday, 17 December 2012 05:26 PM
අපි ප්‍රාර්ථනා කරමු දිනන්න කියලා. (නි)
තුෂාර Monday, 17 December 2012 06:08 PM
ලංකා පිලට ජයවේවා (දී)
සමන්ත Tuesday, 18 December 2012 09:12 AM
ඔව් ....අපි දිනනවා (ස)
චතුරංග Monday, 17 December 2012 07:40 PM
අනුර කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නේ. (නි)
ජයනාත් Monday, 17 December 2012 07:58 PM
කවුරු කොහොම කිවුවත් මගේ මවුබිම ශ්‍රී ලංකාව දිනන්න කියලා මම පතනවා. (නි)
යොහාන් Monday, 17 December 2012 03:17 PM
තස්මේනියාවටත් වැස්සොත් හොඳයි. නේද මහේල (ස)
ජූඩි Monday, 17 December 2012 03:40 PM
ගහන්න පුළුවන් අපි දිනනවා (ස)