ශී‍්‍ර ලංකාවේ පළමු පෙළ ක‍්‍රිකට් තරග බිමේදී දස්කම් දක්වන ක‍්‍රීඩකයාට සුදුසු ස්ථානය නොලැබෙන බව වටහාගත් හෙයින් තමන් අන්තර් ක‍්‍රීඩා සමාජ තරගවලින් සමුගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා දේශීය ක‍්‍රිකට් පිටියේ ප‍්‍රවේගකාරී පිතිකරුවකු සහ තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන චින්තක ජයසිංහ පවසයි.
කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රිකට් සමාජයේදී ඊයේ (7) සවස පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් චින්තක කියා සිටියේ තමන් දේශීය තරග බිම අතහැර ඕස්ටේ‍්‍රලියාව බලා අද පිටත්ව යන බවයි.
පන්නිපිටිය ධර්මපාල විදුහලෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පිවිසි 34 හැවිරිදි චින්තක, පළමු පෙළ තරගවල අවස්ථා කිහිපයකදීම දක්‍ෂතම ක‍්‍රීඩකයා වී තිබේ. ඔහු පළමු පෙළ තරග 142 කට සහභාගිවී ලකුණු 6417 ක්ද, පන්දු යැවීමේදී කඩුලූ 104 ක් ද ලබා තිබේ.
”2010 වසරේ සහ පසුගිය වසරේ ලංකාවේ පළමු පෙළ තරගවල දස්කම් දැක් වු පළමු පිතිකරුවන් පස් දෙනා අතර මමත් සිටියා. එම වසර දෙකේදීම ලකුණු 750 බැගින් ලබා ගත්තා. පසුගිය වසරේ ලංකාවේ වේගවත්ම ශතකය ලබා ගත්තේ මමයි”
”ගෙවුණු තරගාවලි දෙකේදීම වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවා වුණෙත් මම. ඒත් මට ශ්‍රී ලංකා පිලේ කිසිම තැනක් ලැබුණේ නැහැ” යයිද චින්තක ජයසිංහ මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.
”අඩුම තරමින් මෑතක නිමා වු හොං කොං සය සාමාජික ක‍්‍රිකට් තරගාවලියටවත් මා ඇතුළත්ව නොසිටියේ කුමන කරුණක් නිසාදැයි අදහාගන්න බැහැ” යයිද චින්තත මාධ්‍ය හමුවේදී පැවසීය.
ඕස්ටේ‍්‍රලියාව බලා අද යෑමට සුදානම්වන චින්තක ඒ පිළිබඳව මෙසේ පැවසීය.
මම ඕස්ටේ‍්‍රලියාවට යන්නේ ලීග් ක‍්‍රිකට් තරගවලට සහභාගිවෙන්න. ඕස්ටේ‍්‍රලියාවේ ක‍්‍රීඩා කිරීමට මාස හයක ගිවිසුමකට එළැඹ සිටිනවා.
ගිවිසුමේ කාලයට අනුව මම ලංකාවට ඇවිත් අපේ‍්‍රල් මාසයේදී ගිවිසුමකට අනුව එංගලන්තයටත් යනවා. පුළුවන් කාලයක් මම මේ රටවල් දෙකේ ක‍්‍රීඩා කිරීමයි අපේක්‍ෂාව.
වාර්ෂික ගිවිසුමටවත් ඇතුළත් නොවන තමන්ට ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා කිරීමෙන් කළකිරීම මිස සිදුවන යහපතක් නැතැයි ද පැවසීය.
”දේශීය වාර්ෂික ගිවිසුමට ඇතුළත් ක‍්‍රීඩකයන් 60 දෙනා අතරවත් මම නැහැ. ඒත් ලකුණු 200, 300 ලබාගත් පිතිකරුවෝත් එම ගිවිසුම්වලට ඇතුළත්වෙලා ඉන්නවා”
”මේ කරුණු නිසා මම ගොඩක් ලංකාවේ ක‍්‍රිකට් ගැන කලකිරුණා. ඒ නිසාම තමයි තීරණය කළේ ලංකාවේ ක‍්‍රිකට් අතහැරලා මට පුළුවන් කාලයක් විදෙස් රටකදී ක‍්‍රීඩාවේ නිරතවෙන්න” යැයි චින්තක කීය.
”හොං කොං තරගාවලියට සහභාගි වු ක‍්‍රීඩකයන් හත්දෙනා ගත්තොත් ඔවුන්ට වැඩිය මම ඉදිරියෙන් ඉන්නවා. මම දන්නේ නැහැ තේරීම් කමිටු නිලධාරීන් කොහොම තේරීම් කරනවද කියලා”
”මේ අසාධාරණය සිදු වු එකම ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා මම නොවෙයි” යයිද චින්තක ජයසිංහ පැවසීය.
මම මාධ්‍ය හමුවක් පැවැත්වීමට තීරණය කළෙත් ඉදිරියේදීවත් ක‍්‍රීඩකයකුට මගේ මේ වචනෙකින් හෝ හොඳක් වේ සිතා යැයි’’ වසර කිහිපයකදීම හොං කොං සය සාමාජික තරගාවලියට සහභාගිවු ක‍්‍රීඩකයකු වූ චින්තක පැවසීය.
ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නොසිටිය යුතු නිලධාරීන් කිහිප දෙනකු වසර 10 ක් තිස්සේ තේරීම් කමිටුවේ සිටින බව පවසන චින්තක ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ විනාශයට හේතුව එයම බවද පෙන්වා දෙයි.
”බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රිකට් සමාජයේ පසුගිය වසරේ නායකයා ලෙස කටයුතු කළේ මමයි. තරග පැවැත්වෙන කාලයේදී එක තේරීම් නිලධාරියකු හැමදාම වගේ ආවා. ඉතිං ඔහු මගේ දස්කම් දැකලා තියෙනවා. මට සාධාරණයක් ලැබෙන්න තිබුණා” යැයි චින්තක පැවසීය.
එස්. එල්. පී. එල්. තරගාවලියේ වසර තුනක ගිවිසුමකට තමන් ඇතුළත් බවත්, එස්. එල්. පී. එල්. තරගාවලිය විස්සයි20 තරගාවලියක් නිසා ඉදිරි වසර දෙකේදී ක‍්‍රීඩා කිරීමට අදහසක් තිබෙන බවත් පැවසීය. කෙසේ වෙතත් එම අවස්ථාව තමන්ට හිමිවේ යැයි නිශ්චිතව කිව නොහැකි බවද ඔහු පවසයි.
වාර්ෂික ගිවිසුමට ක‍්‍රීඩකයන් තේරීම සහ විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩකයන් තේරීම සම්බන්‍ධයෙන් චින්තක මෙසේ අදහස් දැක්වීය.
”මෙම තේරීම් කරද්දී මම සිටියේ අයර්ලන්තයේ. එරට සිට ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරීන් දෙදෙනකුට දුරකතනයෙන් ඇමතුමක් දී මගේ දස්කම් පිළිබඳව පැවසුවා. ඔවුන්ට ස්ථිර වචනයක් කියන්න සතියක කාලයක් ලබා දෙන්න යැයි පැවසුවත් අද වෙනකම් එම තීරණය මට දැනුම් දුන්නේ නැහැ යැයි” යයිද චින්තක පවසයි.
2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න වාසනාව හිමිවුවත්, ඊට වසර දෙකකට ඉහතදී තමන්ට එම අවස්ථාව හිමිවීමට තිබු බවත් ඔහු පෙන්වා දෙයි. ඉදිරි දින කිහිපය තුළ සිදුවු අසාධාරණය දන්වලා පළමු පෙළ ක‍්‍රිකට් තරගවලින් සමුගැනීම පිළිබඳව ලිඛිතව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයට දැන්වීමට චින්තක කටයුතු යොදා තිබේ.
වසරකට ආසන්න කාලයක් ඕස්ටේ‍්‍රලියාවේ සහ එංගලන්තයේ ලීග් ක‍්‍රිකට් තරග සඳහා චින්තක සහභාගිවීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 34 ??? මේ වයසට කවුද ක්‍රිකට් ගහන්න ගන්නේ ?? (ස)
චින්තක අවාසනාවන්ත ක්‍රීඩකයෙක් .(ස)
සාධාරණයි තමයි
මටත් ඔය දේ උනා නම් මමත් කරන්නේ ඔයදේම තමයි
අනේ අපේ කපූ සහ මුභාරක්වත් අරගෙන යන්නකෝ (ස)
අපි මොනවා කියන්නද
ඔබ ඇත්තටම දක්ෂයෙක් (ස)
ඔබගේ තීරණය හරි. මේ ජරා දේශපාලනය ලංකාවේ තියෙනකම් කිසිම දෙයක් හරියන්නේ නෑ (ස)
ලංකාවට වටින්නේ දන්න දෙය නෙමෙයි , දන්න අයයි .(ස)
දක්ෂයාට තැනක් නෑ ආසියාවේ ආශ්චර්‍යය .(ස)
කපුගෙදර සහ මුබාරක් තමයි ලංකාවේ ක්‍රිකට් වැනසුවේ .සුබ පැතුම් චින්තක ...ඔයා වීරයෙක් .(ස)
චින්තක දක්ෂ ක්‍රීඩකයෙක්, හැබැයි දැන් එයාගේ වයස අවුරුදු 34 ක් . ඉතින් මෙයාට චාන්ස් එක දෙන එකද හොඳ , වයස අවුරුදු 20 කෙනෙක්ට දෙන එකද ?(ස)
ලංකාවට වෙලා තියන්නේ ඔන්න ඔය විනාශය තමයි
ලෝකෙම කඩුළු බිඳපු මුරලිටත් නායකත්වය නොදීපු ක්‍රිකට් ලොක්කො චින්තකට නෙමෙයි ඩොන් බ්‍රැඩ්මන්ටත් තැනක් දෙන්නෙ නැහැ. ඒ තරම් ක්‍රිකට් ලොක්කො සුපිරි නෙ... පුඃ !! (නි)
වටිනා මිනිස්සු රැක ගන්න
නිවැරදි තීරණයක්. මේ අසාධාරණයට ලක්වූ එකම ක්‍රීඩකයා චින්තක පමණක් නොවේ. එදා අතුල සමරසේකර, අසංක ගුරුසිංහ, රොෂාන් මහානාමලා පවා ක්‍රිකට් බලධාරීන්ගේ අත්තනෝමතික තීරණ නිසා තම තරඟ දිවිය අතරමග නතර කිරීමට සිදුවිය. මෑත භාගයේ චින්තක ඉන්දික ද සේරම් වැන්නවුන් කෙතරම් දස්කම් දැක්වුවද ඔවුන්ට කිසිම අවස්ථාවක් නොදී සැමදා අසාර්ථක වන අයට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමිව තිබේ. අහෝ අපේ ක්‍රිකට් අනාගතයේ කොයිබට යාවිද..? (නි)
කොහොමත් මෙයාට කැපිල්ල වැඩියි (ස)
ලාංකීය ක්‍රිකට් යනු සහමුලින්ම මාෆියාවකි. (නි)
චින්තක, දැන් ඔබට 34ක්. ඔබ ජාතික කණ්ඩායමට ඇතුළු වෙන්න උත්සාහ ගන්න තිබුණේ මීට වසර 15කට කලින්. (නි)
එතුමා සාධාරණයි
හොදටම ගහන්න පුලුවන් කාලෙ ගහන්නෙ නැතුව දැන් කතාකරලා වැඩක් නැහැ. (නි)
ක්‍රීඩකයෙක් හැටියට හොඳ ඇති. ලංකාව දාල යන එකම තමයි හොඳ ? (නි)
ලංකාවේ ක්‍රිකට් මේ වෙලා තියන දේ හිත ගන්න පුළුවන් මේවා දැක්කම, ජඩ දේශපාලනය තියනකම් සුදුසු පුටු වලට සුදුසු අය එන්නේ නැ.පුටුවල ඉන්න සමහර පිස්සෝ නිසා රටට සිද්ද වෙන පාඩුව ගැන වගකියන්න කෙනෙක් නෑ, අදහස් දක්වපු එක්කෙනෙක් කියල තිබ්බ වයස ගැන ඔය වගේ පටු විදියට අනිත් රටවල් හිතුවනම් අර නැනස් වගේ අය ඕස්ටේ‍්‍රලියා ජාතික කණ්ඩායමට අවේ කොහොමද? චින්තක එන්න ඉන්න අය වෙනුවෙන් හරි ඔය ටික කියල ගිය එක ලොකු දෙයක් (ස)
ඔබ ගත් තීරණය හරි. ඒකෙන් ලංකාවේ දක්ෂ ක්‍රීකට් කරුවන්ට තැනක් නැහැ කියලා මුළු ලෝකයම දැන ගන්නවා.මෙහෙම වෙන්න නොදි දක්ෂ පුද්ගලයාට තැන දිය යුතුමයි. (නි)
දේශපාලනයට ගෑවිලා හිටියා නම් චාන්ස් එකක් ගන්න තිබුණා. (නි)
චින්තක ඔබ ගත් තීරණය නිවැරදියි. අද ලංකාවෙන් දෙන ආදර්ශය තමයි රට කෙසේවෙතත් තමන් දියුණු වෙන්න ඕනෑ කියන එක. (නි)
මොහු ඉතාමත් දක්ෂ පුද්ගලයෙක්.. මේ දෙය නිරන්තරයෙන් සිදුවෙනවා ශ්‍රී ලංකාවෙ ක්‍රිකට්වල ඇයි මේ..?(නු)
සරුංගලේ, නුඹ වගේමයි රට හැරයන අපේ ළමයි.... (නි)
චන්න, ඒක ඇත්ත තමයි. (නි)
20/20 ක්රිකට් වලට ගැළපෙන හොදම දෙන්නා තමයි චින්තක සහ තිසර. (නි)
ලංකාවේ තියෙන හැදියාව ඕක තමයි
මේ වගේ රටක ආයි නූපදින්න ප්‍රාර්ථනා කරන්න. (නි)
හොංකොං තරගාවලියට කවුද ගිහින් හිටයෙ? දක්ෂයො ගෙදර. (නි)
ඔහුට පුදුමාකාර හැකියාවන් තිබේ. (නි)
තැනක් නැතිනම් යන එකමයි හොද
චින්තක, ඔයාට වුණ අසාධාරණේ ගැන මට ගොඩක් දුකයි. ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්. (නි)
හොදට බලන්න දැන් කණ්ඩායමේ ඉන්නේ කොහෙන් ආපු අයද කියලා? අපි පරාදයි මල්ලියේ. (නි)
වංශය කබල් ගගා ඉදලා වැඩක් නැහැ. අපේ දියුණුව අප විසින්ම සළසාගත යුතුයි. (නි)
ඕක ඉතින් ඔච්චර අඬ බෙර ගහලා කියන්න දෙයක්ද ? සද්දේ වහලා ගියානම් ඉවරනේ. ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තේ තියෙන ප්‍රිමිය ලීග් තරඟාවලි වලට සහභාගි වෙන්න ලැබෙනවා කියන්නේ කොච්චර දෙයක්ද? බලන්න අසාර් මහ්මූද් , ඩාර්ක් නැනීස් වැනි ක්‍රීඩකයන් තමන්ගේ රටේ සෙල්ලම් කරන්න අවස්ථව නැති වුණාට ලෝකේ වටේ තියෙන ලීග් තරඟාවලි කීයකට සෙල්ලම් කරන්නවද? (නි)
කරුණාකර මට කියන්න ඔහු සිටින ස්ථානය.(ක්‍රිකට් වල) (නි)
ලංකාවේ දක්ෂ පුද්ගලයන්ට තැනක් නැහැ .(ස)
ලංකාවේ ඉපදෙන එක වාසනාවක්. එහෙත් මේ වගේ දේශපාලුවන් නොමැති වේවා යැයි ප්‍රර්ථනා කරමු !!!.(ස)
සාධාරණයි එතුමා
ඔබගේ තීරණය හරි..දැක්කනේ අපි ෆයිනල් සෙල්ලම් කරපු හැටි ..බැට් එක උස්සලා පාරක් ගහන්න බෑ..ඒත් ටීම් එකේ ඉන්නවා (ස)
චින්තක කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක්ද ? අපි බලන් හිටියා කවදා හරි අවස්ථාවක් ලැබිලා ලංකාවට සෙල්ලම් කරයි කියල. අපරාදේ මේ වගේ දක්ෂ ක්‍රීඩකයෝ ලංකාවට අහිමි වෙන එක ගැන මේක මහ අපරාදයක්.....(ස)