ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (15) මීර්පූර්හි ශියා බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පාකිස්තානය හමුවේ කඩුලූ 6 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිලට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිවිය. ශ්‍රී ලංකාව සහභාගි වූ තරග දෙකේදී ඉන්දියාව සහ පාකිස්තානය හමුවේ පරාජයට පත්වූ අතර බංග්ලාදේශයට එරෙහිව තරගය මේ මස 20 වැනිදා පැවැත්වේ. පාකිස්තානය සහභාගි වූ තරග දෙකම ජය ලබා ප‍්‍රසාද ලකුණු 9 ක් ද, ඉන්දියාව සහභාගි වූ තරගය ජය ලබා ප‍්‍රසාද ලකුණු 4 ක් ද ලබා සිටියි. ශ්‍රී ලංකාව ඕවර 45.4 කදී 188 (තිලකරත්න ඩිල්ෂාන් 20, කුමාර් සංගක්කාර 71, උපුල් තරංග 57, උමාර් ගුල් 20/2, අෂීස් චීමා 43/4, සයිඞ් අජ්මාල් 27/3) පාකිස්තානය ඕවර 39.5 කදී කඩුලූ 4 ක් දැවී 189 (මිස්බා උල් හක් නොදැවී 72, උමාර් අක්මාල් 77, සුරංග ලක්මාල් 37/2)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd