ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ශී‍්‍ර ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලිය අද (3 වැනිදා) සිට 7 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් ක‍්‍රීඩා සමාජයේදී පැවත්වේ. ”යූ.ටී.ඊ. x කැට්” ශ‍්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලිය ලෙස නම් කරනු ලැබ ඇති මෙම තරගාවලිය දිවයිනේ ප‍්‍රධානතම විවෘත ගොල්ෆ් ශූරතාවලියයි. ආසියානු කළාපයේ දක්ෂතා පෙන්වූ වෘත්තිමය ගොල්ෆ් කී‍්‍රඩකයින්ට අභියෝග කිරීමේ අවස්ථාව ශී‍්‍ර ලංකාවේ ආධුනික ගොල්ෆ් කී‍්‍රඩකයන්ට මෙම තරගාවලියේදී හිමිවේ. පසුගිය වසරේ පැවති තරගාවලියේ අවසන් වටයේදී සුවිශේෂි දක්ෂතා දක්වමින් කරට කර තරග කළ, ශී‍්‍ර ලංකාවේ සිටින ප‍්‍රබලතම වෘත්තීය ගොල්ෆ් කී‍්‍රඩකයන් දෙදෙනකු වන අනුර රෝහණ හා මිතුන් පෙරේරා මෙම තරගාවලිය සඳහාත් සහභාගි වෙති. තියුණු තර`ගයකින් පසු අනුර රෝහණ පසුගිය වසරේ ශූරතාවය දිනා ගැනීමට සමත්විය. ලොව සුපතල කැටපිලර් යන්ත‍්‍ර සූත‍්‍ර ශී‍්‍ර ලංකාවට ගෙන්වා බෙදා හැරීමේ නියෝජිතයින් වන යුනයිටඞ් ට‍්‍රැක්ටර්ස් සමාගම අඛණ්ඩව දෙවැනි වරටත් මෙම තරගාවලිය සදහා අනුග‍්‍රාහකත්වය සැපයීමට ඉදිරිපත්ව සිටියි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd