මියන්මාරයේදී පැවැත්වෙන ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. තරගාවලිය හෙට (6) සිට මෙම 12 වැනිදා දක්වා පැවැත්වේ. මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගිවන පළමු අවස්ථාව මෙයවේ. ක‍්‍රීඩිකාවක් සහ ක‍්‍රීඩකයෝ තිදෙනෙක් සංචාරක ශ්‍රී ලංකා පිලට ඇතුළත්ව සිටිති. ඔවුන් ජාතික ක‍්‍රීඩා උළෙලේ සහ ආධුනික යොවුන් බර ඉසිලීමේ තරගාවලියේදී දස්කම් දැක්වුවෝ වෙති. කී‍්‍රඩිකාව සහ ක‍්‍රීඩකයන් තිදෙනා කොළඹින් පිට පළාත්වලින් සංචාරක කණ්ඩායමට තේරීපත්ව සිටීම කැපී පෙනේ. ක‍්‍රීඩිකා දිනුදා අබේසේකර පැවැති ජාතික ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් දස්කම් දැක්වු නැඟී එන ක‍්‍රීඩිකාවකි. සංචාරක ශ්‍රී ලංකා පිල: ඉසුරු සේනාධීර (කි.ග‍්‍රෑ. 85, පොලොන්නරුව රාජකීය), ශෂික ඒකනායක (කි.ග‍්‍රෑ.50, කුරුණෑගල මලියදේව), ඞී.වී.පළගසිංහ (20 න් පහළ, කි.ග‍්‍රෑ. 56, ගුවන් හමුදාව), දිනුදා අබේසේකර (කි.ග‍්‍රෑ. 48, පොලොන්නරුව රාජකීය), පුර්ණ කාහියංගල මහතා (කළමනාකරු), ඩන්කන් ජයසිංහ මහතා (පුහුණුකරු) සහ චමින්ද ගමගේ මහතා (පුහුණුකරු)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා (ස)