මියන්මාරයේදී පැවැත්වෙන ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. තරගාවලිය හෙට (6) සිට මෙම 12 වැනිදා දක්වා පැවැත්වේ. මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගිවන පළමු අවස්ථාව මෙයවේ. ක‍්‍රීඩිකාවක් සහ ක‍්‍රීඩකයෝ තිදෙනෙක් සංචාරක ශ්‍රී ලංකා පිලට ඇතුළත්ව සිටිති. ඔවුන් ජාතික ක‍්‍රීඩා උළෙලේ සහ ආධුනික යොවුන් බර ඉසිලීමේ තරගාවලියේදී දස්කම් දැක්වුවෝ වෙති. කී‍්‍රඩිකාව සහ ක‍්‍රීඩකයන් තිදෙනා කොළඹින් පිට පළාත්වලින් සංචාරක කණ්ඩායමට තේරීපත්ව සිටීම කැපී පෙනේ. ක‍්‍රීඩිකා දිනුදා අබේසේකර පැවැති ජාතික ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් දස්කම් දැක්වු නැඟී එන ක‍්‍රීඩිකාවකි. සංචාරක ශ්‍රී ලංකා පිල: ඉසුරු සේනාධීර (කි.ග‍්‍රෑ. 85, පොලොන්නරුව රාජකීය), ශෂික ඒකනායක (කි.ග‍්‍රෑ.50, කුරුණෑගල මලියදේව), ඞී.වී.පළගසිංහ (20 න් පහළ, කි.ග‍්‍රෑ. 56, ගුවන් හමුදාව), දිනුදා අබේසේකර (කි.ග‍්‍රෑ. 48, පොලොන්නරුව රාජකීය), පුර්ණ කාහියංගල මහතා (කළමනාකරු), ඩන්කන් ජයසිංහ මහතා (පුහුණුකරු) සහ චමින්ද ගමගේ මහතා (පුහුණුකරු)
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා යොවුන් බර ඉසිලීමේ කණ්ඩායම මියන්මාරයට යයි
චන්ද්‍රසිරි Monday, 05 November 2012 10:44 PM
ජය වේවා (ස)