ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති දෙවැනි තරගයෙන් (දිවා/රාත‍්‍රි) ශ්‍රී ලංකා පිල ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 14 ක ජයක් ලැබීය. ශ්‍රී ලංකාව මෙම ජයග‍්‍රහණයත් සමග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණියේය. නවසීලන්තය ඕවර 50 යේදී කඩුලූ 6 ට 250 (රොබ් නිකොල් 46, බ‍්‍රැඞ්ලි වොට්ලිං 55, රෝස් ටේලර් 72, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් නොදැවී 35, ලසිත් මාලිංග 39/2) ශ්‍රී ලංකාව ඕවර 22.5 කදී කඩුලූ 3 ට 118 (තිලකරත්න ඩිල්ෂාන් 37, කුමාර් සංගක්කාර 11, මහේල ජයවර්ධන නොදැවී 43)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් නාලිකාවල බලන්න දෙයක් නොතිබුණු හන්දා මැච් එක බලන් හිටියා. (නි)
ලංකාවට සුභාපතනව
ජය වේවා අපේ කණ්ඩායමට. (නි)
දිනනදාට කොල්ලෝ ෂා නියමයි කියලා..කරවට මල් මාල දමනවා....එකක් දෙකක් ගොයියෝ පැරදුනාම ගොයියෝ මොකද්ද මේ කරේ අහනවා..(ස)
ලංකාවට සුභපැතුම්
අපේ වීරයන්ට සුභ පැතුම්! මල්ලිලා, ඔයාලට කවුරු බැන්නත් අපි ඔයාලා සමගයි. (නි)
සුභපැතුම් මගෙන්
ඕවර් 4 ට 54 දීපු කෙනාට තරඟයේ වීරයා සම්මානය දෙන්න (ස)
අපේ කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්! (නි)
සතුටුයි. (නි)
අපේ කට්ටිය ඩන්කන් ලුවිස් න්‍යායට අනුව නම් දිනයි. (නි)
මෙන්න හෙඩිම .ඩක්වත් සහ ලූවිස් ලකුණු 14 කින් නවසීලන්තය පරාජය කරයි. (ස)
තරඟාවලිය ජය ගන්න හොද අවස්ථාවක් (ස)