ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (16) ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 336 කට සීමාවිය. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 147 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා විය. ඩිල්ෂාන්, සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ 15 වැනි ශතකය පන්දු 273 කදී ලබා ගත්තේය. ඔහුගේ ශතකයට හතරේ පහර 21 ක් ඇතුළත්විය. ඇන්ජලෝ මැතිව්ස් සහ ඩිල්ෂාන් 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 161 ක් සම්බන්‍ධතාවක් පැවැත්වීමට සමත්වුහ. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ඕවර 131 කදී කඩුලූ 5 ට 450 ශ්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 109.3 කදී සියලූ දෙනා දැවී 336 (තිලකරත්න ඩිල්ෂාන් 147, ඇන්ජලෝ මැතිව්ස් 75, ප‍්‍රසන්න ජයවර්ධන 40, නුවන් කුලසේකර 23, නේතන් ලියොන් 76/2, පීටර් සිඞ්ල් 54/5)
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මුල් පෙළේ පිතිකරුවන්ට මොකද වුණේ? (නි)