ශ්‍රී ලංකා පිල සහ ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිගේ පිල අතර කැන්බරාහිදී පැවැත් වූ තුන්දින පුහුණු ක‍්‍රිකට් තරගය අද (08 වැනිදා) තරගය ජයපැරදුමෙන් තොරව නිමාවිය. පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිගේ පිල කඩුලූ 6 ක් දැවී ලකුණු 439 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. දක්‍ෂ පිතිහරඹයක නිරත වූ ඕස්ටේ‍්‍රලියානු යොවුන් පිතිකරු ස්කොට් හෙන්රි පන්දු 283 කදී හතරේ පහර 28 ක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 207 ක් රැුස්කිරීමට සමත් විය. ශී‍්‍ර ලංකා ඉනිම වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් පන්දු 152 කදී හතරේ පහර 15 ක් සමගින් ලකුණු 101 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පිටියෙන් ඉවත් විය. ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිගේ පිල පළමු ඉනිම - ඕවර 100 කදී කඩුලූ 6 ක් දැවී 439 (ස්කොට් හෙන්රි නොදැවී 207, ග්ලේන් මැක්ස්වෙල් 91, උස්මාන් කවාජා 56, ටේ‍්‍රවීස් හෙඞ් 35, මාකස් හැරිස් 20, ධම්මික ප‍්‍රසාද් 128/2) ශ්‍රී ලංකාව පළමු ඉනිම - ඕවර 109 කදී කඩුලූ 6 ක් දැවී 396 (තිලකරත්න ඩිල්ෂාන් - පිටියෙන් ඉවත් වුණා 101, ප‍්‍රසන්න ජයවර්ධන 71, දිනේෂ් චන්දිමාල් 57, කුමාර් සංගක්කාර 55, දිමුත් කරුණාරත්න 40, මහේල ජයවර්ධන 36, ඇෂ්ටන් ටර්නර් 93/2)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් (ස)
මුලදි තරග සියල්ල දිනනවා. අන්තිම තරගය අන්ත පරාජයක් ලබනවා. ලංකාවේ ක්‍රිකට් වල හැටි එහෙමයි. (නි)
හැමෝටම සුභ පැතුම්! (නි)
අපේ කට්ටිය දක්ෂයි හැබයි බයවේලා ඉන්න කොට තමයි වැඩේ කචල් වෙන්නේ (ස)