IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශී‍්‍ර ලංකා පිල ප‍්‍රසාද ලකුණු 100 කඩයිමට ඇදෙයි

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගය හෙට (25) කොළඹ පී. සරවනමුත්තු ( ඕවල්) ක‍්‍රීඩාංගණයේදී ඇරැුඹෙයි. දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ගාල්ලේ පැවැති පළමු තරගයෙන් කඩුලූ 10 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්වුහ. ශ්‍රී ලංකා පිල මේ වන විට ප‍්‍රසාද ලකුණු 98 ක් ලබා ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ සිටියි. හෙට ආරම්භවන තරගයෙන් නවසීලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකා පිලට හැකිවුවහොත් ප‍්‍රසා ලකුණු දෙකක් එක් කර, කලකට පසුව නැවත වරක් ප‍්‍රසාද ලකුණු 100 ඉක්මවා යාමට ශී‍්‍ර ලංකා පිලට අවස්ථාය ලැබෙනු ඇත. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිලේ ශ්‍රේණිගත ස්ථානයේ වෙනසක් නොවනු ඇත. පිට කොන්දේ ආබාධයක් නිසා පළමු තරගයට සහභාගි නොවු ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් හෙට තරගයේ කී‍්‍රඩා කිරීම සම්බන්‍ධයෙන් ඊයේ වන විටත් නිශ්චිත තීරණයක් නොතිබිණ. ගාල්ල තරගයේදී ඩිල්ෂාන්ගේ ස්ථානයට ක‍්‍රීඩා කළ එස්. එස්. සී. පිලේ දිමුත් කරුණාරත්න සිය මංගල ටෙස්ට් තරගයේදී දෙවැනි ඉනිමේ නොදැවී ලකුණු 60 ක් ලබා ගත් අතර ඩිල්ෂාන් පූර්ණ සුවතාවකින් පසුනොවන්නේ නම් හෙට තරගයේදීත් දිමුත් කරුණාරත්න කී‍්‍රඩා කිරීමේ වැඩි ඉඩක් පවතී. රංගන හේරත්, ගාල්ල ටෙස්ට් තරගයේදී ලකුණු 108 කට කඩුලූ 11 ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිලේ ජයග‍්‍රාහී නියමුවා විය. දඟ පන්දු යවන යොවුන් ක‍්‍රීඩකයකු වන තරිඳු කෞෂාල්ද සංචිතයේ සිටින නමුත් රංගනට පසුව ශ්‍රී ලංකා ද`ග පන්දු යවන්නන් අතර වඩාත් පළපුරුදු කී‍්‍රඩකයකු ලෙස සැලකෙන සුරාජ් රන්දිව් හෙට පැවැත්වෙන තරගයේද ක‍්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් ඇත. නවසීලන්ත පිල මෙම ශී‍්‍ර ලංකා සංචාරයේදී සහභාගිවූ විස්සයි 20 තරගය වර්ෂාවට සේදී ගිය අතර එක්දින තරගාවලියේදීත් 3-0 ක් ලෙසින් පරාජය විය. ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයත් පරාජය වීම නිසා නවසීලන්ත පිල මෙම සංචාරයේදී එකම තරගයක් හෝ ජයගැනීමට තවමත් අපොහොසත් වී සිටී. ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතය මහේල ජයවර්ධන (නායක), තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර, ඇන්ජලෝ මැතිව්ස්, ප‍්‍රසන්න ජයවර්ධන, සුරාජ් රන්දිව්, නුවන් කුලසේකර, රංගන හේරත්, චානක වෙළගෙදර, දිනේෂ් චන්දිමාල්, ශමින්ද එරංග, තරිඳු කෞෂාල් සහ ධම්මික ප‍්‍රසාද්, නවසීලන්ත ටෙස්ට් සංචිතය රොස් ටේලර් (නායක), බ්‍රෙන්ඩන් මැකලම්, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින්, මාටින් ගප්ටිල්, රොබ් නිකොල්, ටිම් සවුතී, කේන් විලියම්සන්, ටොඞ් ඇස්ට්ල්, ටෙ‍්‍රන්ට් බෞල්ට්, ඩග් බ්‍රේස්වෙල්, ඩැනියෙල් ෆ්ලින්, කි‍්‍රස් මාටින්, ජීතන් පතෙල්, කෲගර් වැන් වික් සහ නීල් වැග්නර්



අදහස් (0)

ශී‍්‍ර ලංකා පිල ප‍්‍රසාද ලකුණු 100 කඩයිමට ඇදෙයි

කෝලිත Saturday, 24 November 2012 08:48 PM

සුභපැතුම්

:       0       0

ඉන්දික Saturday, 24 November 2012 09:11 PM

ලංකාවට ජයවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site