විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් ක‍්‍රීඩකයන්ට ගෙවන මුදල් පිළිබඳව පළවූ පුවත්පත් වාර්තාවකට පිළිතුරු සැපයීම නිසා ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක මහේල ජයවර්ධන සහ කළමණාකරු චරිත් සේනානායක මහතා සම්බන්ධයෙන් විනය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් මාධ්‍ය නිවේදනයකින් කියැවේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මීළග විධායක කමිටු රැස්වීමේදී ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතය.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ක‍්‍රීඩකයන්ට ලැබිය යුතු මුදල් පිළිබඳව පුවත්පතක වාර්තා වීමෙන් පසුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායකයා, කළමණාකරු චරිත් සේනානායක මහතාගේ සහායද ඇතිව ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිකර ඇත. එහෙත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවසරයකින් තොරව එසේ මාධ්‍ය වෙත කරුණු දැක්වීම කී‍්‍රඩකයකු වශයෙන් මෙන්ම නිලධාරියකු වශයෙන්ද ක‍්‍රිකට් ආයතනයේ ගිවිසුම් උල්ලංඝණය කිරීමක් බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මාධ්‍ය නිවේදනයෙන් කියැවේ.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ක‍්‍රීඩකයන්ට ලැබිය යුතු මුදල් ක‍්‍රීඩකයන්ට, නිලධාරීන්ට මෙන්ම ක‍්‍රීඩාංගණ සේවකයන් අතරේත් බෙදී යා යුතුව ඇතැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට යෝජනා කළ බවත් එම යෝජනාව පසුගිය 12 වැනිදා පැවැති විධායක කමිටු රැුස්වීමට ඉදිරිපත් කිරීමෙන් පසුව එය ප‍්‍රතික්ෂේප වූ බවත් මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ක‍්‍රීඩක වාර්ෂික ගිවිසුම අනුව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම වෙනුවෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත ගෙවනු ලබන මුදලින් 25% ක් කී‍්‍රඩකයන්ට හිමිවන බවත් එය වෙනත් අයවෙත බෙදී නොයන බවත් ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතන පවයසි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේල ඔබ හොඳ මහත්මයෙක් (ස)
මේක මාර වැඩක්නේ. වැරද්ද කරලා තියෙන්නේ කවුරුවත්. ඒකට මහේලට විනය පරික්ෂණ තියලා හරියනවද? (නි)
අයියෝ ක්‍රිකට් (දී)
ඇත්ත කියන්න කාටවත් බයවෙන්න අවශ්‍ය නැත. (නි)
මහේලට නෙමෙයි විනය පරීක්ෂණයක් තියන්න ඕනෑ, අරගොල්ලන්ට. (නි)
කාටවත් නොපෙනෙන අහිංසක සේවකයින් තමයි ක්‍රිකට් රංගනයේ චරදිය අදින්නේ. (නි)
අපේ කණ්ඩායම පහුගිය කාලේ කිසිම මුදලක් නැතුවත් සෙල්ලම් කළා. (නි)
ලංකාවේ ක්‍රිකට් කියල එකක්නම් දැන් ඇත්තෙම නැහැ (දී)
මහේලට වැඩියෙන් ලංකාවේ ක්‍රිකට් වැඩකාරයෙක් ඉන්නවද? (නි)
අපොයි ක්‍රිකට් (දී)
මහේල අයින් වෙන්නත් මේක බලපෑමක් උනාද දන්නේ නැහැ (දී)
අපේ මහේලට කරදරයක් නම් අපිත් බහිනවා පාරට. (නි)
මහේල, අපි ඔබ සමගයි. (නි)
අපිට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යාදෙන ක්‍රීඩකයින්ව වටිනවා මේ ඔක්කොටම වැඩිය. (නි)
විනය පරීක්ෂණයක් කළ යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ අයටද නැත්නම් මාතෘ භූමිය වෙනුවෙන් අපමණ කැපවීම් කළ අයටද?(නු)
මහේල, අපි සැමදා ඔබ සමගයි. (නි)
ඔය මහලොකු රටවල් එකකටවත් පුලුවන් වුණාද අවසන් මහා තරගයට එන්න? ඒත් අපේ විරුවෝ ආවා. (නි)
මහේල ඔබ නම් නියම හෙළයෙක්..!(නු)
ක්රීඩකයන්ට කොහොමත් සල්ලි හම්බවෙනවා. මහේල හඩ නගන්නෙ අනිත් අය වෙනුවෙන් නේද? (නි)
මහේල ක්‍රිකට් දිවියේ ලංකාවට වීරයෙක්.. අපි ඔබ සමගයි..!(නු)
ක්රිකට් බෝඩ් එක ගැන අපිට මේ සිද්ධියෙන්ම හිතාගන්න පුලුවන්. (නි)