සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර පාල් නුවරදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රී) දකුණු අප‍්‍රිකානු පිල කඩුලූ 5 ක ජයක් ලබා ගැනීමට සමත්විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 237 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප‍්‍රිකානු පිල ඕවර 48.4 කදී කඩුලූ පහක් දැවී ජයග‍්‍රහණය ලැබීය. පෝල් ඩුමිනි (නොදැවී 66) සහ හසීම් අම්ලා (55) දකුණු අප‍්‍රිකානු පිලට ජය ගෙන දුන්හ.
ශ්‍රී ලංකා ඉනිමේදී යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් පන්දු 115 කදී හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 92 ක් ලබා ගැනීමට සමත්විය. උපුල් තරංග ලකුණු 66 ක් ලැබීය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 කදී කඩුලූ 6 ට 236
දකුණු අප‍්‍රිකානු පිල ඕවර 48.4 කදී කඩුලූ 5 ට 237
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
17 වැනිදා ට බලන්න ලංකාදීප පුවත. ශ්‍රී ලංකාව තුන්වැනි එක්දින තරගයත් පරාදයි.
දිල්ෂාන්ගේ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු නොවේ
කාලය නාස්ති කරන්, නිදි මරාගෙන, ඈගේ තියෙන ලේ ටික පුච්චගෙන මෑච් බලන අපි තමයි මෝඩයො. අනේ අපිට ක්‍රිකට් එපා කරවන්න එපා.....
කමක් නැහැ. ඊළග තරග 3 ම දිනන්න පුලුවන් හරියට ක්‍රීඩා කලොත්. කාලිස්, අම්ලා දෙන්නම නෑ ඊළග තරග තුනටම
ක්‍රිකට් වලට දේශපාලනය ගෑවුණාම ප්‍රතිඵලය භයානකයි. කෙසේ වෙතත් දිල්ෂාන් නායකත්වයට සුදුසුද?
ඩිල්ෂාන් ගෙදර ගිය දවසක ලංකාව දිනයි.
ඩිල්ෂාන් නායකත්වය සඳහා පෙර සුදානම් කළ ක්‍රීඩකයෙකු නොවේ. කිසියම් ක්‍රීඩකයෙකු නායකත්වයට එන්න නම් ඔහු කණ්ඩායමේ උපනායකත්වය දැරූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වියයුතුය