ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමුවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (19 වැනිදා) නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 10 කින් පරාජය කළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ 1-0 ක් ලෙසින් ටෙස්ට් තරගාවලියේ පෙරමුණට පැමිණියහ. නවසීලන්තය පළමු ඉනිම 221 සහ දෙවැනි ඉනිම 118. ශී‍්‍ර ලංකාව පළමු ඉනිම 247 සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 93.