ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවන් හා කළමණාකරුවන්ගේ සේවය අවසන් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර ඇතැයි වාර්තාවේ.
ප‍්‍රධාන පුහුණුකරු සම්පත් පෙරේරා, සහය පුහුණුකරු ඩඞ්ලි ස්ටෙන්වෝල්, දැල්රකින්නන්ගේ පුහුණුකරු ලලිත් වීරසිංහ සහ කළමණාකරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ සේවය ඒ අනුව අවසන් කර තිබේ.
නාවලපිටියේදී පැවැති ‘මහින්ද රාජපක්‍ෂ’ සිවුකොන් පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද පසුබෑම සැළකිල්ලට ගනිමින් මෙතැන් සිට පුහුණුකරුවන්ගේ සේවය අවසන් කර ඇතැයි ‘ලංකාදීප’ යට වාර්තා වේ.
ඒ වෙනුවෙන් ලබන ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ෆකීර් අලි මහතාත්, සහය පුහුණුකරු ලෙස ඞී. චන්ද්‍රසිරි මහතාත්, තාවකාලිකව පත්කිරීමට යෝජනා වී ඇතැයි පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී දැල්රකින්නන් පුහුණුකරුගේ කාර්යයන් තාවකාලිකව චන්ද්‍රසිරි මහතාට පැවරෙනු ඇත. මහින්ද රාජපක්‍ෂ සිවුකොන් පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකාවෙන් වයස 23 න් පහළ කණ්ඩායමක් සහභාගි විය.
කෙසේවුවත් ලබන මාර්තු මාසයේදී පැවැත්වෙන ආසියානු ශූරතා පාපන්දු තරගාවලිය ඉලක්කය කරගනිමින් නව ජාතික පාපන්දු පුහුණු සංචිතයක් කැඳවන අතර ඒ සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශයේ සම්බන්ධීරණයෙන් කැඳවූ 30 දෙනකුගෙන් සමන්විත පාපන්දු සංචිතය ද කැඳවනු ලබයි.
‘මහින්ද රාජපක්‍ෂ’ සිවුකොන් පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලද පසුබෑම ගැන සම්මේලනයේ තාක්‍ෂණික කමිටුව සකස් කළ වාර්තාවෙන් පුහුණුකරුගේ කාර්යභාරය විවේචනයට ලක්කර ඇතැයි කියති.
ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවන්ගේ සහ කළමණාකරුවන්ගේ සේවය අවසන් කිරීමේ ලිපි නිකුත් කිරීමට මේ වන විටත් පාපන්දු සම්මේලනයේ විධායක නිලධාරී ක‍්‍රිෂාන්ත පෙරේරා මහතා කටයුතු කර ඇතැයි ද ආරංචි මාර්ග හෙළි කරයි.
මාර්තු ආසියානු තරග සංචාරයේදී ශ්‍රී ලංකා පිලට විදේශිය පුහුණුකරුවකුගේ සේවය අනිවාර්යෙන්ම ලබාගැනීමට තීරණයකර ඇති බවත් වාර්තාවේ.
මහින්ද රාජපක්‍ෂ සිවුකොන් තරගාවලියේදී ලද පසුබෑම හමුවේ පාපන්දු සම්මේලනයේ එළඹෙන විධායක සභා රැුස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගම 20/20 ගහන්න. ලංකාවේ ක්‍රිකට් දියුණු වෙන්නේ එතකොටනේ. (නි)
මුස්ලිම් ක්‍රීඩකයින්ටත් අවස්ථාවක් දී ජාතික කණ්ඩායමක් හදා බලන්න යැයි මම යෝජනා කරනවා. (නි)
අහමඩ් , එහෙම කරන්නේ කොහොමද , වැරදි මත වලට එන්න එපා..... මම මෙහෙම යෝජනාවක් ගේනවා , සියළුම ජාතික තලයේ ක්‍රීඩකයන්ව වෘතිමය ක්‍රීඩකයන් කල යුතුයි. අද හුගක් දෙනාට රැකියා නැහැ. ඉතිං ක්‍රීඩකයෝ බයෙන් ගහන්නේ. 100% ගහන්නේ නැහැ. (ස)
කරුණාකරලා ක්‍රීඩාවට දේශපාලනය ගාවා ගන්න එපා. මෙම තරගයේ ජය පැරදුමට පුහුණුකරුවන් හේතු වන්නේ නැහැ. ජය පැරදුම සම සේ බෙදාගනිමු. දැනට ලංකාවේ ඉන්න හොදම පුහුණුකරුවන් මොවුන්ය. (නි)