ශ්රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක‍්‍රිකට් පිල ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය. ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක‍්‍රිකට් පිල (227/3) අද (07) පැවැති තරගයේදී ලකුණු 28 කින් බටහිර ඉන්දීය කොදෙව් පිල (199/4) පරාජය කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පිල මේ දක්වා සහභාගි වූ තරග හයෙන් තරග පහක් ජය ලැබූ අතර ඉන්දියාව හමුවේ පරාජයට පත්විය. චන්දන සූරිආරච්චි (92) සහ චන්දන දේශප‍්‍රිය (54) කොදෙව් පිලට එරෙහිව අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම අගෙයි මේකට කට්ටියගේ අදහස් නැත්තේ මෙයාලා ආබාධිත ක්‍රිඩකයන් නිසාද (ස)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
අනේ ඇයි මේ හැමෝම ඉන්දියාවට පරාද වෙන්නේ .....................(ස)
අන්ද උනත් රට වෙනුවෙන් ක්‍රීඩා කරන අපේ දරුවන්ට මගේ ආශිර්වාදය.දිගටම ඔහොම යන් .සල්ලි වලට යට වෙන්න එපා .(ස)
ආභාධිත වුණත් කමක් නෑ හොඳට සෙල්ලම් කරනවානම් ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් අවස්ථාවක් තියෙනවා. ජය වේවා (ස)
ඔබට ජය වේවා..මේ ඉන්දියන් භීතිකාව මෙයලටත් බෝ වෙලා ද ?ඔක්කොටොම ගහල ඉන්දියාවෙන් කනවනේ...(ස)
මගෙන් සුබ පැතුම් . අපි බලාගෙන ඉන්නවා ඔයාලා හරි ලෝක කුසලානය රැගෙන ඒවි කියලා..අපි ගොඩක් ආඩම්බරයි නුඹලා ගැන (ස)
ඔබට ජයෙන් ජය! (නි)
අපි ඔබට සුභ පතනවා. (නි)
ලංකාදීපයට ස්තුතියි මේ වගේ තොරතුරු ලබාදීම පිළිබදව.. පිංතූර ටිකකුත් තිබුණානම් ඉතාමත් වැදගත්..!(නු)