ශ්රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අද (10) සහභාගි වූ අවසන් තරගයේදී බංග්ලාදේශ පිලට එරෙහිව ලකුණු 250 ක දැවැන්ත ජයක් ලැබීය. ශ්‍රී ලංකා පිල මේ වන විටත් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටියි. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 360 ක් රැුස්කළ අතර බංග්ලාදේශ පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැුස්කළ හැකි වූයේ ලකුණු 110 ක් පමණි. මධුසංඛ විශ්වනාත් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුණු 138 ක් රැුස්කිරීමට සමත් විය. සමන් කුමාර (92) සහ කල්‍යාන කුමාර (70) අර්ධ ශතක රැුස්කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිල මේ දක්වා සහභාගි වූ තරග අටෙන් තරග හයක් ජය ලැබූ අතර ඉන්දියාව සහ පාකිස්තානය හමුවේ පරාජයට පත්විය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම ලකුණු 250 කින් බංග්ලාදේශය පරදවයි
අනුර Monday, 10 December 2012 08:26 PM
අපේ සුබ පැතුම්. ඇස් පේන අයට පේන්නත් එක්ක කප් එක අරගෙන එන්න. (ස)
ඩුබායි සිට රසික Monday, 10 December 2012 08:33 PM
අති විශිෂ්ඨයි. (ස)
රොෂාන් Monday, 10 December 2012 09:13 PM
කොල්ලනේ ඔය ලෝක කුසලානය හරි අරන් එන්න අපේ රටට (ස)
සංජී Monday, 10 December 2012 10:26 PM
ඇස් පේන උන්ට පෙන්නන්න ඔය කුසලානය අරගෙන එන්න කරුණාකරලා. (නි)
සුභාෂිණි Tuesday, 11 December 2012 12:31 AM
අනේ දරුවනේ, ඔයාලගේ දිරිමත්කම දැක්කහම ඇසට කදුලු උනනවා. (නි)
චරිත් Tuesday, 11 December 2012 03:44 PM
ඇස් පේන එවුන්ට පේන්නත් එක්ක කප් එක අරන් එන්න අයියේ.මගේ සුභ පැතුම්! (නි)
ඉසුරු Tuesday, 11 December 2012 09:06 AM
උණුසුම් සුබ පැතුම්! (නි)
සුචින්ද්‍ර Monday, 10 December 2012 05:58 PM
මගේ උණුසුම් සුබ පැතුම්............. කට්ටියට. (ස)