ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අද (10) සහභාගි වූ අවසන් තරගයේදී බංග්ලාදේශ පිලට එරෙහිව ලකුණු 250 ක දැවැන්ත ජයක් ලැබීය. ශ්‍රී ලංකා පිල මේ වන විටත් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටියි. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 360 ක් රැුස්කළ අතර බංග්ලාදේශ පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැුස්කළ හැකි වූයේ ලකුණු 110 ක් පමණි. මධුසංඛ විශ්වනාත් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුණු 138 ක් රැුස්කිරීමට සමත් විය. සමන් කුමාර (92) සහ කල්‍යාන කුමාර (70) අර්ධ ශතක රැුස්කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිල මේ දක්වා සහභාගි වූ තරග අටෙන් තරග හයක් ජය ලැබූ අතර ඉන්දියාව සහ පාකිස්තානය හමුවේ පරාජයට පත්විය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුබ පැතුම්. ඇස් පේන අයට පේන්නත් එක්ක කප් එක අරගෙන එන්න. (ස)
අති විශිෂ්ඨයි. (ස)
කොල්ලනේ ඔය ලෝක කුසලානය හරි අරන් එන්න අපේ රටට (ස)
ඇස් පේන උන්ට පෙන්නන්න ඔය කුසලානය අරගෙන එන්න කරුණාකරලා. (නි)
අනේ දරුවනේ, ඔයාලගේ දිරිමත්කම දැක්කහම ඇසට කදුලු උනනවා. (නි)
ඇස් පේන එවුන්ට පේන්නත් එක්ක කප් එක අරන් එන්න අයියේ.මගේ සුභ පැතුම්! (නි)
උණුසුම් සුබ පැතුම්! (නි)
මගේ උණුසුම් සුබ පැතුම්............. කට්ටියට. (ස)