IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකානු ටෙස්ට් තරගාවලිය අද සිට

සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (15) සෙන්චූරියන්හිදී ආරම්භ වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පසුවරු 1.30 ට ආරම්භ වීමට නියමිතය. මෙම සංචාරයට සංචිතය නම් කරන විටදීම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් ආබාධයට ලක්වීම නිසා දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්විය. පුහුණු තරගයේදී නුවන් ප‍්‍රදීප් ආබාධයකට ලක්වීම නිසා මේ වන විට එම තත්ත්වය වඩාත් උග‍්‍රවී තිබේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ටතම වේග පන්දු යවන්නා ලෙස සැළකෙන ලසිත් මාලිංග ටෙස්ට් ක‍්‍රීඩාවෙන් සමුගෙන සිටියි. වේග පන්දු යවන්නන් වන ශාමින්ද එරංග, නුවන් කුලසේකර සහ ධම්මික ප‍්‍රසාද් ආබාධයන්ට ලක්ව සිටිති. තේරීම් කමිටුව මීට පෙර පැවසුවේ මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලිය අවසන් වීමෙන් පසු දකුණු අප‍්‍රිකාවට යැවීම සඳහා වේග පන්දු යවන්නන් දෙදෙනකු නම් කරන බවයි. කෙසේ වෙතත් ඊයේ (14) පැවැති අවසන් පූර්ව තරගයේදී කෝල්ට්ස් පිල වෙනුවෙන් නුවන් කුලසේකර ද, එස්. එස්. සී. පිල වෙනුවෙන් ධම්මික ප‍්‍රසාද් ද, ක‍්‍රීඩා කළහ. ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙපළගෙන් කුමාර් සංගක්කාර පුහුණු තරගයේදී ඇඟිල්ලේ ආබාධයකට ලක්වීමෙන් අද තරගයට ඔහුගේ සහභාගිත්වය අවසන් මොහොත දක්වා අවිනිෂ්චිතව පැවතුණි. පාකිස්තානු සංචාරයේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවූ මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර සහ පිට දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස් නැවත ශ්‍රී ලංකා පිලට එක්ව සිටීම වාසිය දායක තත්ත්වයකි. දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන්නන් මෙහිදී ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් වීමට ඉඩ තිබේ. ඒ අතරින් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ සිටින ඬේල් ස්ටේන් විශේෂයෙන් කැපී පෙනේ. ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප‍්‍රිකාවට කඩුලූ අටක ජයක් ගෙන එමින් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ නවක වේග පන්දු යවන ක‍්‍රීඩක වර්නන් පිලැන්ඩර් ද ශ්‍රී ලංකා පිලට එරෙහිව දස්කම් දැක්විමට සූදානමින් සිටියි. ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර මේ දක්වා ටෙස්ට් තරග 17 ක් පවත්වා ඇති අතර ඉන් තරග හතරක් ශ්‍රී ලංකාව ජය ලබා ඇති අතර දකුණු අප‍්‍රිකාව තරග අටක් ජය ලබා තිබේ. තරග පහක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර අවසන් වරට 2006 වසරේ ජූලි මස ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව 2-0 ක් ලෙස ජය ලැබීය. ශ්‍රී ලංකා පිලේ අවසන් දකුණු අප‍්‍රිකානු සංචාරයේදී (2002) ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය 2x0 කින් පරාජයට පත්විය. දකුණු අප‍්‍රිකානු සංචිතය: ගේ‍්‍රම් ස්මිත් (නායක), ඒ. බී. ඩිවිලියර්ස් (උප නායක), හසීම් අම්ලා, මාක් බවුචර්, මර්චන්ට් ඞී ලන්ගේ, ඉම්රාන් තාහිර්, ජැක් කලිස්, මෝන් මොර්කල්, අල්විරෝ පීටර්සන්, වර්නත් පිලැන්ඩර්, ඇෂ්වෙල් ප‍්‍රිනස්, ජැක් රූඞ්ල්ෆ් සහ ඬේල් ස්ටේන් ශ්‍රී ලංකා සංචිතය: තිලකරත්න ඩිල්ෂාන් (නායක), තරංග පරණවිතාන, ළහිරු තිරිමාන්න, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, තිලාන් සමරවීර, ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), කෞෂාල් සිල්වා, තිසර පෙරේරා, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, දිල්හාර ප‍්‍රනාන්දු, චානක වෙළගෙදර සහ සුරංග ලක්මාල්.



අදහස් (0)

ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකානු ටෙස්ට් තරගාවලිය අද සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 641 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site