
(ටී.කේ.ජී.කපිල)
මෙම ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට ධනාත්මක මෙන්ම ඍණාත්මක අවස්ථාවලට මුහුණ දීමට සිදු වූ බවත් , අප කණ්ඩායම හැමවිටම උපරිමයෙන් ක්‍රීඩා කළ බවත් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ශ්‍රී ලංකාවට පැමිණෙමින් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අද (07) උදෑසන පැවසීය .
එසේම තමන් ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම පිළිබඳව කනගාටු වන බව ද වැඩිදුරටත් පැවසීය .
එමෙන්ම ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තාන තරගාවලියට සහභාගී වීමට තමන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වන බව ද දසුන් ශානක කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය .
වෙනත් කිසිවක් ප්‍රකාශ නොකළ දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම කඩිනමින් ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .
ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට අද (07) උදෑසන 08.27ට පැමිණ තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනුෂ්කයා ලංකාවේ නම කෑවා.
දිනුවා නම් බලන්න තිබුනා මෙයාලා ලකුණු දාගන්න බලන හැටි. පැරදුනාම ඔය මෙකක්වත් අහලකවත් නැහැ.
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ගේමක් දුන් බැවින් 2024 ලෝක කුසලානය අපේ මව්බිමට ලබා ගැනීමට හැකියාව ලැබේවා කියා ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.