ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය (අයි.පී.එල්.) හේතුවෙන් ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර කොදෙව් දුපත්හිදී ලබන වසරේ මැයි මස පැවැත්වීමට නියමිත ක‍්‍රිකට් තරගාවලිය කල්දමන ලෙස ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලීමක් කර තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව විස්සයි20 ලෝක ශූරයන් සහ අනු ශූරයන් වන අතර කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් අයි.පී.එල්. තරගාවලියේ ප‍්‍රධානතම චරිතයකි.
මෙම තරගාවලියට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග දෙකක් ඇතුළත් වූ නමුත් අයි. පී. එල්. තරගාවලිය හේතුවෙන් මීට පෙර ටෙස්ට් තරග දෙක අතහැර දමන ලදි. අයි. පී. එල්. 2013 තරගාවලියේ කාලසටහන පසුගිය සිකුරාදා ඉදිරිපත් කළ අතර එයට අනුව මෙම තරගාවලි දෙක ගැටෙයි.
රටවල් දෙකේම ක‍්‍රීඩකයන් අයි.පී.එල්. තරගාවලියට සහභාගි වන හෙයින් මැයි මස සංචාරය නැවත සකස් කෙරෙන බව බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය නිලධාරී ඉම්රාන් ඛාන් මහතා ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් පතට පවසා තිබුණි.
මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ අදාළ වෙනස්කම් පිළිබඳව තමන්ට කිසිවක් දැනුම්දී නැති බවයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා-කොදෙව් තරගාවලිය කල් දමන්නයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය ඉල්ලයි
මෝරාළ Monday, 24 December 2012 04:18 PM
අපි ඉන්දියාවට බය නැහැ. කොටින්වත් පරදවපු අපිට එයාලා කවුද? (නි)
ප්‍රමු Monday, 24 December 2012 04:37 PM
කොහොම හරි ඔය කණ්ඩායම් දෙක ගැටෙන්නම දාන්න ඕනෑ. (නි)
සමන් Monday, 24 December 2012 11:16 AM
ඒක හරිම අසාදාරණයි (දී)
සුභෝදන Monday, 24 December 2012 11:53 AM
කාගේවත් සැප විහරණය සඳහා අපෙ වැඩ නතර කරන්නේ ඇයි.(දී)
ෂිරාශ් Monday, 24 December 2012 12:51 PM
ඉන්දියාව කිවුවා නම් අහවි. (නි)