IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා ‘ඒ’ - එංගලන්ත ‘ඒ’ අවසන් එක්දින තරගය අද

සංචාරක එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල සහ ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලියේ පස්වැනි සහ අවසන් තීරණාත්මක තරගය අද (06) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. කණ්ඩායම් දෙක තරග දෙක බැගින් ජය ලබා තරගාවලිය 2-2 ක් ලෙස සම තත්ත්වයේ තිබීම නිසා අද තරගයෙන් ජය ලබන කණ්ඩායමට තරගාවලියේ ජය ලැබීමේ අවස්ථාව ලැබේ. දඹුල්ලේදී පැවැති පළමු සහ දෙවැනි තරග එංගලන්ත පිල ජය ලැබූ අතර කුරුණෑගලදී සහ කොළඹදී පැවැති තෙවැනි සහ සිවුවැනි තරග ශ්‍රී ලංකා ‘ඒ’ පිල ජය ලැබීය. සිවුවැනි තරගය කඩුලූ හතරකින් ජය ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ පැවසුවේ තරගාවලිය සම කිරීම පිළිබඳව ගොඩක් සතුටු වන බවත් කණ්ඩායමක් හැටියට තම කණ්ඩායම හොඳ මානසික තත්ත්වයක සිටින බවයි. මෙම තරගාවලියේදී නවක පිතිකරුවන් රැුසක් දස්කම් දැක්වීම පිළිබඳව කළුවිතාරණ මහතා මෙසේ පැවසීය. ‘‘නවක ක‍්‍රීඩකයන් කීප දෙනෙක් හැකියාව පෙන්නුවා. නවක ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලැබුණම, ලකුණු 30 ක් 40 ක් රැුස් කළාට මදී, තරග අවසන් කරන ක‍්‍රීඩකයෝ බවට පත්වෙන්න  ඕනේ. පිතිකරුවකු ලෙස ක‍්‍රීඩා කරනවා නම් තරගයේ ජයග‍්‍රහණය දක්වා ගෙනයා යුතුයි’ සුරාජ් රන්දීව් සිවුවැනි තරගයේදී ආබාධයකට ලක්වීම නිසා වමතින් පා දඟ පන්දු යවන සජීව වීරකෝන් සංචිතයට කැඳවා තිබේ.



අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ - එංගලන්ත ‘ඒ’ අවසන් එක්දින තරගය අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 118 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 77 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1653 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site