සංචාරක නවසීලන්ත පිලට එරෙහිව පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිවුවැනි සහ පස්වැනි තරග සඳහා ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් සිදු නොකිරීමට ක‍්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. දෙරට අතර තරග පහකින් පැවැත්වෙන එක්දින තරගාවලිය තරග 2/0 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියි. තරගාවලියේ අවසන් තරග දෙක හෙට (10) සහ මෙම 12 වැනිදා හම්බන්තොට සුරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. සිවුවැනි සහ පස්වැනි තරග සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය: මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, ශාමින්ද එරංග, උපුල් තරංග, රංගන හේරත්, අකිල ධනංජය සහ තරිඳු කෞෂාල්
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකත් දිනලා දාන්න. (නි)