(සුමිත් පොතුපිටිය)

වෙසක් දින දෙක තුළ මහජන පීඩාකාරී ලෙස යතුරුපැදි පැදවූ 50 වැඩි ගණනක් සිය භාරයට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ කළුතර නගරයේ ඉදිකර ඇති මහා තොරණ ඇතුළුව වෙසක් සිරි නැරඹීමට පැමිණි තරුණ පිරිසක් බව පොලිසිය සදහන් කරයි.

වෙසක් දිනවල මහජන පීඩාකාරී ලෙස සහ අධික ශබ්ද සහිතව ගමන් කරන  මෙන්ම අනතුරුදායක ලෙස යතුරුපැදි වැලටීමේ මෙහෙයුමකදී අංක තහඩු නොමැතිව අධික ශබ්දය ඇතිවන පරිදි සයිලන්සර් වෙනස් වෙනස් කළ පැති කන්නාඩි නොමැතිව සහ අංක තහඩු නියමිත ආකාරයට සවි නොකර ලද යතුරුපැදි පනහකට වැඩි පිරිසක් කළුතර උතුර පොලිසියේ රථවාහන අංශය මගින් පොලිස් භාරයට ගෙන ඇත.