
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන පද්ධතිය තුළ වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය සමාන වටිනාකමක් සහ ගෞරවයක් සහිත අධ්‍යාපන මාර්ගයක් ලෙස පිළිගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.
ජර්මානු රජයේ BMZ ආයතනය හරහා ලැබුණු සහාය මත GIZ ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද, ස්විට්සර්ලන්ත සංවර්ධන හා සහයෝගිතා ඒජන්සිය (SDC) සමඟ හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක වූ “ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව (VTSL) – දෙවන අදියර” ව්‍යාපෘතියේ සාර්ථක අවසන් කිරීම සනිටුහන් කරමින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා දිගුකාලීනව ලබාදුන් සහයෝගය වෙනුවෙන් ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ රජයන්ටත්, GIZ, BMZ සහ SDC ආයතනවලටත් සිය ස්තූතිය පළ කළාය.
වෘත්තීය අධ්‍යාපනය යනු තරුණ තරුණියන් රැකියා සඳහා සූදානම් කිරීම පමණක් නොවන බවත්, එය සමාන අවස්ථා නිර්මාණය කිරීම, ජීවනෝපායන් ශක්තිමත් කිරීම, අසමානතා අවම කිරීම සහ තරුණ පරපුරට අර්ථවත් හා ඵලදායී ජීවිත ගොඩනගා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳව ද වන බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd