(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ සංශෝධන ඇතුළත් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ අවසන් ඡන්ද විමසීම අද (24) පස්වරුවේ පැවැත්වේ.

මෙම විවාදය ඊයේ පැවැත්වුණු අතර අද (25) දිනයේද පැවැත්වේ.

විවාදයේදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද දිනයේද දැඩි උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

අවසන් ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සර්වජන බලය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ එම පනත් කෙටුම්පත් වලට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.