(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල   විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් රට තුළ බරපතළ සංවාදයක් මතුව තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය  අධිකරණ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍ය හා මහජන විශ්වාසය සම්බන්ධයෙන් ගැඹුරු අවධානයක් යොමු කළ යුතු බවට අවධානය යොමුකර ඇති බැවින් ජාතික වැදගත්කමකින් යුතු මෙම කරුණට රජයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවද විපක්ෂ නායකවරයා පැවසීය.