
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඇදහැලෙන වර්ෂාවත් සමග අද (12) දහවල් පිළියන්දල ධර්ම රාජ මහා විද්‍යාල භූමියේ තිබු කොහොබ ගසක් කඩා වැටීමෙන් පන්ති කාමරයක සිටි සිසු සිසුවියන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පිළියන්දල පොලිසිය කියයි.
තුවාල ලබා ඇත්තේ දහය වසරේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සිසුවියන් දෙදෙනෙක් සිසුවෙකි.
ගස කඩා වැටීමෙන් එම පන්ති කාමරයේ පිහිටි ගොඩනැගිල්ලේ වහලයට ද දැඩි අලාභ සිදුවී ඇත.
අද දහවල් 1.20 ට වර්ෂාවත් සමගම මෙම ගස 10 වසර පන්ති කාමර පිහිටි ගොඩනැගිල්ල වෙත කඩා වැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූවන් පිළියන්දල දිසා රෝහල වෙත වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් සිසුවියක වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd