(නිමල් ජයරත්න සහ මදුෂානි අබේසිංහ )

මහියංගන දිඹුලාගල ප්‍රධාන මාර්ගයේ බදනාගල ප්‍රදේශයේදී  අද (01 ) වෑන් රථයක් වන අලියෙකුගේ ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් 16 දෙනෙකු තුවාල ලබා දෙහිඅත්තකන්ඩිය සහ පොළොන්නරුව රෝහල් වලට ඇතුළත් කර ඇති බව සිරිපුර පොලිසිය කියයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය නාගස්වැව අංක 198 ලිපිනයේ පදිංචිව සිටි රාජපක්ෂ දේවයලාගේ කරුණාවතී හැටඑක් වියති මවක බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන සිරිපුර පොලිසිය පවසයි.
 
වෙසක් සතිය නිමිත්තෙන් පොළොන්නරුවේ   ගොස් ආපසු දෙහිඅත්තකන්ඩිය බලා පැමිණෙමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බව  සිරිපුර පොලිස් ස්ථානාධිපති,පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ටි.එම්.ආර්.එස්. වන්නිනායක මහතා විමසීමකදී පැවසීය.
 
තුවාල ලැබූ දහසයදෙනාගෙන් හය දෙනකු පොළොන්නරුව මහ රෝහලටත් ගහ දෙනෙකු දෙහිඅත්තකණ්ඩිය රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව සිරිපුර පොලිස් ස්ථානාධිපති, වන්නිනායක මහතා වැඩිදුරටත් පැවසීය.  තුවාල ලැබූ පිරිස දෙහිඅත්තකණ්ඩිය කදිරිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවද පොලිසිය පවසයි.