වැලිකඩ පොලිසිය බාරයේ සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් ගේ දේහය යළි ගොඩගෙන ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත විශේෂ කමිටුවකින් පශ්චාත් මරණ පරික්ෂණයක් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට අද නියෝග කළේය.
බදුල්ල මීගහකිවුල පදිංචි නිමේෂ් පසුගිය අප්‍රේල් 01 දින වැලිකඩ පොලිස් භාරයේ සිටියදී වධ හිංසාවට ලක්ව මියගොස් ඇති බවට ඔහුගේ මව සමන්ති මහත්මිය කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය කරන විමර්ශනය කැඳවූ අවස්ථාවේදී එසේ නියෝග නිකුත් කළේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටී නීතීඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම මරණය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ කිරීමට නම් මරණ පරීක්ෂණ වාර්තාව ඉතාමත් වැදගත් වන බවය.
ඒ අනුව විශේෂඥ මණ්ඩලයකින් සමන්විත කමිටුවකින් පශ්චාත් මරණ පරීක්ෂණයක් නැවත සිදු කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි නීතිඥවරුන් ඉල්ලා සිටියේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වැලිකඩ පොලිසියේදී මියගිය නිමේෂ්ගේ සිරුර ගොඩ ගන්නැයි නියෝගයක්
Neel Wednesday, 09 April 2025 04:39 PM
වැලිකඩ පොලිසියේ මහත්වරුන්ට යුක්තිය සාධාරණය ඉෂ්ට වෙයි වගේ...
ජිල්බු Wednesday, 09 April 2025 06:19 PM
පොලිසියේ ඉඳලා බන්ධනාගාරෙටත් එච්චර දුරක් නැහැ...
ලක්මව් ඛන්නා Wednesday, 09 April 2025 08:03 PM
අපේ වැඩවලට උපරිම උදව් දුන්නු පොලිස් විරුවන් රැකගනිමු.
sugath Wednesday, 09 April 2025 08:05 PM
අන්තිමට අම්මා විතරයි පිහිටට ඉන්නේ...
pakeer Wednesday, 09 April 2025 08:52 PM
කවුරුහරි කෙනෙක් දන්නවාද මෙයාව අත්අඩංගුවට ගත්තේ කියලා?
Bunny Preena Thursday, 10 April 2025 10:06 AM
ලංකාවේ හැම පොලිස් ස්ථානයකම රිමාන්ඩ් මැදිරියේ අනිවාර්යෙන්ම සිසිටිවි සවි කළ යුතුයි ප්‍රශ්න කිරිම් සඳහා ස්වාධීන කමිටුවක් ඉදිරියේ සිදු කළ යුතුයි.