
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර බෙදාහැරීමේ ජාවාරමකට සම්බන්ධ සංවිධානාත්මක කල්ලියකට අයත් පුද්ගලයන් හය දෙනෙකු ව්‍යාජ මුදල් නෝට්ටු සහ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන තෙල් ගේ කසුන් ධනුෂ්ක පීරිස් නොහොත් කස්සා යන අයද වන බවත් පොලිසිය කියයි.
මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන සිටින පුද්ගලයා පිළිබඳ තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය සඳහන්කරයි.
එම සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 02 ක් , 2000 නෝට්ටු 21 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 91 මිලිගෑම් 200 ක් පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd