IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය වසර 5 කට පසු පැවැත්වීමට සුදානමක්

වෙළෙඳ සේවා වොලිබෝල් තරගමාලාව වසර 5 කට පසුව යළිත් පැවැත්වීමට වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය කටයුතු යොදා තිබේ. තරගාවලියේ මුලික වටයේ තරග දෙසැම්බර් මස 1 වැනිදා සහ 2 වැනිදා මහරගම තරුණ සේවා එළිමහන් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් මහ තරගය දෙසැම්බර් මස 16 වැනිදා මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. අක‍්‍රීයව පැවැති වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය මෙම වසරේදී යළිත් පිහිටුවීය. රොහාන් සෝමවංශ මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම සංගමයේ ඒ. එස්. නාලක මහතා ලේකම්ධූරය දරයි. වසර පහකට පසුව වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය පවත්වමින් සිය සංගමයේ කටයුතු ආරම්භ කරන බව සෝමවංශ මහතා කොළඹ ජාතික ඔලිම්පික් නිවහනේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. ඉදිරි වසර තුනක කාලයේදී වෙළෙඳ සේවා වොලිබෝල් තරග බිමෙන් ජාතික මට්ටමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිකිරීමේ සැලැස්මක් සකසන බවද සෝමවංශ මහතා වැඩිදුරටත් පැවසීය. තරග අයැඳුම්පත් බාර ගැනීම මේ මස 20 වැනිදායින් අවසන් වේ.



අදහස් (0)

වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය වසර 5 කට පසු පැවැත්වීමට සුදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site