කොළඹ කොල්ට්ස් ක‍්‍රිකට් සමාජ පිටියේදී අද (1 වැනිදා) පැවති වෙළෙඳ සේවා ”ඒ” කාණ්ඩයේ පිළිමළුන් පිටුදැකීමේ කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී මාස් ඇක්ටිව් කණ්ඩායම ලකුණු 38 කින් ජය ලැබීය. අවසන් තරගයේදී මාස් ඇක්ටිව් පිල විසින් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම පරාජය කරන ලදි.
අවසන් තරගයේ වීරයා වශයෙන් මාස් ඇක්ටිව් පිලේ සමීර සොයිසා සම්මාන දිනාගත් අතර තරගාවලියේ වීරයා ලෙසින්- හර්ෂ විතාන (සෙලාන් බැංකුව) සම්මාන ලැබීය. තරගාවලියේ දක්‍ෂතම පිතිකරු වශයෙන් මාස් යුනිචෙලා පිලේ මහේල උඩවත්ත සම්මාන දිනාගත් අතර තරගාවලියේ දක්‍ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය -සජීව වීරකෝන් (හැටන් නැෂනල් බැංකුව) විසින් රැුගෙන යන ලදි.
මාස් ඇක්ටිව් කණ්ඩායම ඕවර 47.1කදී සියලූදෙනා දැවී 226යි.
(සමීර සොයිසා 54, උදාර ජයසුන්දර 43, දිල්ෂාන් මුණවීර 34, සචිත‍්‍ර සේරසිංහ 25, ඉසුරු උදාන 19, රනිල් ධම්මික 35/3, සජීව වීරකෝන් 41/3, කෝසල කුලසේකර 48/2)
හැටන් නැෂනල් බැංකු කණ්ඩායම 47.3කදී සියලූදෙනා දැවී 188යි.
(කොසල කුලසේකර 48, හෂාන් ගුණතිලක 37, අෂේන් ප‍්‍රනාන්දු 33, තිලකරත්න සම්පත් 32/2)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd