දිවයිනේ උතුරුමැද , ඌව නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, ඇතැම් ස්ථාන වල තද වැසි ද ඇති විය හැකි බවත්, සෙසු ප්‍රදේශ වල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් නිවේදනය කළේය. දිවයිනට අවට මුහුදු ප්‍රදේශ වල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද, සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝමීටර් පනහක් පමණ වන බව ද, විශේෂයෙන් මන්නාරම සිට ගාල්ල පොතුවිල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 60-70 පමණ දක්වා වූ තද සුළං ඇති විය හැකි බව ද දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැස්සයි හුළඟයි
අනුර Monday, 17 December 2012 11:12 PM
ඊයේ කාලගුණේ කට්ටිය ඕක කියලා තිබ්බා. තද වැස්ස සහ සුළං අද තියේවි කියල. මේ නෙව්ස් එකට අදහස් දාපු හැමෝම දන්නේ නැ වගේ ඒක.හැමදාම ඔහේ කටට එනවාට අදහස් දාන්න එපා . කරුණු විමසලා දන්න . මම ඊයේ කලගුණේ වෙබ් එක බැලුවා එකේ තිබ්බේ . උදෙන්ම අයේ බලනකොට අයහපත් කාලගුණ දැනුම් දීමකුත් තිබ්බා .අඩුපාඩු දාමු බනිමු පතුරු ගහමු ඊට කලින් හරියටම කිව්වද නැද්ද කියල දැනගෙන . (ස)
සිල්වා Monday, 17 December 2012 05:01 PM
කාලගුණේ ගැන වාර්තා නම් නියමයි. (නි)
නුවන් Monday, 17 December 2012 05:13 PM
අගවිනිසුරුතුමිය නෙමෙයි, බලාගෙන යනකොට කාළගුණේ අයවයි ගෙදර යවන්න ඕනෑ. (නි)
සෙනරත් Monday, 17 December 2012 05:13 PM
21 මොකුත් වෙන්නේ නැහැ කියපු එක්කෙනෙක් හරි ඉන්නවද දැන් (දී)
ජනක Monday, 17 December 2012 05:20 PM
ඊයේ කියන්න බැරි වුණාද? අපිටත් පුලුවන් අද වහිනවා කියලා කියන්න. මොකද දැන් වහිමින්නේ පවතින්නේ. (නි)
අජිත් Tuesday, 18 December 2012 08:13 AM
අර කතාව ඇත්තක්ද කියන්නකෝ. (නි)
සුරංග Monday, 17 December 2012 07:11 PM
කාලගුණ මධ්‍යස්ථානයේ ආශ්චර්‍යය ..... (නි)
නන්දන Monday, 17 December 2012 07:08 PM
ලංකාවේ හැමදෙයක්ම වගේ ඔහොම තමයි. අවසන් වුණාට පස්සේ තමයි කියන්නේ. (නි)
එරන්ද Monday, 17 December 2012 02:21 PM
තව ටිකක් හවස් වෙලා නිවේදනය කරන්න තිබ්බේ..(ස)
සුනීත් Monday, 17 December 2012 02:24 PM
යකඩෝ.... මෙයාලා වැහැලා යට උනාට පස්සෙනේ වහිනවා කියන්නේ.(ස)
ශාන් Monday, 17 December 2012 02:39 PM
වැස්සට පස‍්සේ වහිනවයි කියලා මොකක් කරන්නද? (නි)
රිස්වාන් Monday, 17 December 2012 02:42 PM
වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. වැස්ස නවතින්නේ කවදාද කියා කියන්න.බෙන්ගාල බොක්ක මකලා දමන්න ඕන. ඊට පස්සේ වෙන බොක්කක් කියය.(ස)
ඉන්දික Monday, 17 December 2012 02:49 PM
ආශ්චර්‍යය දෝරේ ගලනවා.... ඒකයි මේ ගැන කියන්න ටිකක් පරක්කු වුණේ. (ස)
මංජුල Monday, 17 December 2012 02:59 PM
මිනිසුනේ පරිස්සම් වෙන්න (දී)
චානක Monday, 17 December 2012 03:06 PM
ලෝක විනාසය කෙසේ වෙතත් ලංකාවේ විනාසයනම් සිද්ධවෙමින් පවතින්නේ (ස)
ගයාන් ඩුබායි Monday, 17 December 2012 10:06 PM
ඊයේ නිවේදනය කරලා තිබුනේ ලංකාවට වියළි කාලගුණයක් ඉදිරි සති කීපයේ තියෙන්නේ කියලා .හරියට කාලගුණ අනාවැකියවත් කියාගන්න බැනේ අනේ අපේ අයට (ස)
දමිත් Monday, 17 December 2012 03:44 PM
දැන් ඉතින් ඩෙංගු වලට ලේස්ති වෙන්න වේවි (ස)
උපුල් Monday, 17 December 2012 03:55 PM
මෙහෙම කාලගුණ මධ්‍යස්ථාන මොකටද ? (ස)