අනුරාධපුර සාලිය පුර මාවතේ ආයතනයක සේප්පුවක් මහ වැසි මැද විල්බැරෝවකින් ද, පසුව කුඩා ලොරියකින් ද රැගෙන ගිය සොරුන් පැය හයක් ඇතුළත අල්ලා ගැනීමට අනුරාධ පුර පොලීසියේ නොවිසඳුණු අපරාධ අංශය සමත් විය.

සෙනසුරාදා අලුයම මේ සේප්පුව සොරා ගෙන ඇත. සොරුන් තිදෙනාගෙන් දෙදෙනෙකු එම ආයතනයේ සේවකයන් බවත්, රුපියල් විසිපන් ලක්ෂයක් එහි තිබුණු බවත් පොලීසිය කියයි.

මහ වැස්ස නිසා වැව් බැම්මක් මත තිබූ වීල්බැරෝ රෝද සලකුණු ද පොලිස් බල්ලන්ගේ ඉව ද, බුද්ධි අංශ තොරතුරුද අනුව සේප්පුව ද, විල් බැරෝවද, ලොරිය ද සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.