ප්‍රාදේශ කිහිපයක අධික වැස්සෙන් මාර්ග යටවීම නිසා අපොස සාමාන්‍ය පෙළ විභාගයට යාමට සිසුනට නොහැකි වී දැයි සොයා බලන බවත්, සිසුන්ට අසාධාරණයක් වීමට ඉඩ නොදමන බවත් විභාග කොමසාරිස් ජෙනරාල් එඩ් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි.
බදුල්ල කළුගහ කඳුර පාරේ ලොග්ගල්ලාඔය පාලම උඩින් අඩි පහක පමණ ගංවතුර ගලා යාම නිසා අපොස සාමාන්‍ය පෙළ සිසුන් රැසකට විභාගයට යාමට නොහැකි විය.
අඩුගණනේ සිසුන් විස්සක් පමණ මීගහ කිවුල මහ කඳුර විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට යාගත නොහැකි විය. එහි යාමට විකල්ප මාර්ගයක් ද නොවීය.
මාතලේ අඹන්ගඟ හා මහවැලි ගඟ පිටාර ගැලීම නිසා කඹරව, බකමූණ සහ විල්ගමුව ප‍්‍රදේශවල සාමාන්‍ය පෙළ අයැදුම්කරුවන් පිරිසක් ද විභාග මධ්‍යස්ථාන වෙත යා නොහැකිව අපහසුතාවට ලක්ව සිටිති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය (ස)
කතාවෙන් වගේම ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නුවනම් තමයි හොඳ (ස)
අසරණ ළමුන්ගේ ජීවිත සමග සෙල්ලම් නොකළ යුතුයි. (නි)
බොහොම හොද වැඩක් (දී)
එසේ කරන්න එපා (දී)