විශේෂ දක්‍ෂතා ඇති දරුවන් සඳහා වන මළල කී‍්‍රඩා ශූරතාවලිය මාර්තු 10 වන දින නාරාහේන්පිට ශාලිකා කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම කී‍්‍රඩා උළෙල සඳහා අවු. 8 සිට 18 දක්වා විශේෂ දක්‍ෂතා ඇති දරුවන් 1000ක් පමණ සහභාගි වීමට නියමිතය.
ජවන හා පිටිය මලල කී‍්‍රඩා ඉසව් 110 කින් පමණ සමන්විත මෙම කී‍්‍රඩා උළෙලට සහභාගී වන සියඵම දෙනා සදහා බැනියම්, හිස් වැසුම්, උදෑසන ආහාරය සහ දිවා ආහාරය මෙන්ම අනෙකුත් පෝෂණ ද්‍රව්‍ය සැපයීමටද සංවිධායකයින් කටයුතු සංවිධානය කර ඇත. ජයග‍්‍රහකයින් සදහා පදක්කම් සහ සහතිකපත් පිරි නැමේ.
කොකා කෝලා සමාගම, එපික් ගාමන්ට්ස්, හිල්ටන් හෝටලය සහ හිල්ටන් කොළඹ නවාතැන, හයිඞ්රාමනි ව්‍යාපාර සමුහය, පෑන් ඒෂියා බැංකුව සහ ජැෆර්ජි සහෝදරයෝ මෙම කී‍්‍රඩා උළෙල සහා අනුග‍්‍රහය දක්වති. මෙම කී‍්‍රඩා උළෙළ රොටරි කී‍්‍රඩා සමාජය විසින් 1998 සිට සංවිධානය කරයි.
විනෝදාස්වාදය ලැබීමේ වාතාවරණයක් ඇති කිරීම සඳහා සුවිශේෂී අංග රැසක්ද මෙම කී‍්‍රඩා උළෙලට එක් කිරීමට නියමිතය.
*
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd