මේ විල්පත්තු වනෝද්‍යානයේ වසන්තයයි. මීට තෙමසකට පෙර ගිම්හානයේ ඉරිතලා ගිය විල් හා ඉසල් වූ තුරුලතා නිසා හෙම්බත් වූ සත්තු අද දෙසැම්බරයේ කෙම්බිම්වල නිදැල්ලේ සතුටින් සැරිසරති.
මුව පොව්වන් දිය කඩිති සොයා එති. දිවියන් විල්ලු අසබල ගොදුරු සොයති. මේ පනික්කවිල විල්ලු අසල දී ඉරිදා සවස 4.30ට දුටු දිවියෙකි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විල්පත්තු වසන්තය (දී)
සත්තු මැරෙන්නත් ඇති වතුර නැතිව (දී)
සම්පත් ඔයා ඉබේමද මැවුණේ? (ත)
අශ්රොෆ්ලා තරම් අපි අපිරිසිදු නැහැ. (නි)
වතුර නැතුව ඒ සත්තු මොන තරම් දුකක්ද විදින්න ඇත්තේ (දී)
දිවියා ඉන්නේ "අපි දිනුවා" කියලා කියනවා වගේ නේද (දී)
වැස්සත් එක්ක සරු සාර වෙලා (දී)
දෙවියන්ට ස්තුති වේවා (දී)
ජයවේවා අපේ සත්ව සම්පතට හොද කාලයක් ලැබේවා (දී)
අනේ හොදයි
හරි ලස්සනයි. (නි)
වසන්ත සමය ලං වෙලා කෝකිල නදින් මත් වෙලා (දී)
අශ්රුෆ් මේ සියල්ල දෙවියන් මැවූවානම්, දෙවියන් වැඩියෙන්ම අදහන, දෙවියන්ට 5වරක් නමදින බැතිමතුන් පිරිසක් ඉන්න මැද පෙරදිග කලාපය අද ලේ විලක් වෙලා වෙලා තියන්නේ ඇයි...?(ස)
අපි අපි ගැන වගේම සත්තු ගැනත් හිතන්න ඕනේ (දී)
සත්තුන්ට හොදයි (දී)
මමත් අමල් සමග එකගයි. (නි)
සොබා දහමේ අපුර්වතම නිර්මාණයන් වන ගස්කොලන් සතා සිවුපාවුන් අපගේ අනාගත පරපුරටද දැකගැනීමට සැලැස්වීමට අප වගබලාගත යුතුය,, සොබා දහම ඉක්මවා කටයුතුකිරීමට අපට කිසිවිටෙකත් නොහැක..එවැනි අවස්ථාවලදී සොබාදහම දෙන දඩුවම් අපට වැළක්විය නොහැක.. මෑතකදී ඇමෙරිකාවට හමාගිය චන්ඩ මාරුතයද එවනිම වූ දඩුවමකි..(ස)
සන්තු කාලෙන් එලියට ඇවිත් (දී)
සත්තුන්ට ඉන්න බැරුව වෙන්න ඇති ඉන්න ඇත්තේ (දී)
ලස්සනට ඇති (දී)
දෙවියන්ට එහෙම මවන්න පුළුවන්ද (ස)
කොච්චර එකද්ද (දී)
අමල්, ඔයා නිකන් බොරුවට අගහිගකම් ඇති කරගන්න ඕනෑ නැහැ. (නි)
සංචාරක කර්මාන්තයට හොද හෙට දවසක් (දී)
බලන්න අපේ පුංචි ලංකාවේ ලස්සන. මිනිස්සුනේ මේ ලස්සන විනාස කරන්න එපා ...!(ස)
මිත්‍යා දෘෂ්ඨියෙන් මිදෙන්න ඕන කාලයක් මේකක..!(නු)
අවුරුදු කෝටි ගානකට කලින් මවපු දේවල් දැං මවන්න බැරි ඇයි.. ජීවීන් වෙනස් වෙන්නේ දේශගුණික පාරිසරික හා ජන වෙනස්කම් නිසා නොවේද?(නු)
අෂ්රෆ් , අපි බෞද්ධයෝ විදිහට පෙර ආත්මය විස්වාශ කරනවා . පෙර ආත්ම වල අප විසින් කරපු හරි හෝ වැරදි අනුව තමයි අපි මේ ආත්මයේ උපදින තැන තීරණය වෙන්නේ . මතු ආත්ම වලටත් මේ තර්කය අදාලයි. එත් මුස්ලිම් අය පෙර බවය විස්වාස කරන්නේ නෑ සහ සියලුම දේ දෙවියන් මැව්වා කියන මතයේ ඉන්නේ. එත් මට තියෙන ප්‍රශ්නේ පෙර බවයේ හරි හෝ වැරදි නැති තත්වයක් උඩ දෙවියන් මොන පදනම මතද මේ මැවීම කරන්නේ කියන එකයි. උදාහරණයක් විදිහට කෙනෙක්ව රජ මැදුරක උපදවන්නත් කෙනෙක් දුප්පත් පවුලක උපදවන්නත් දෙවියන් විසින් සලකා බලපු සාදක මොනවද??. ඔබට පෙර වැරදි නැත්නම් මොකක්ද දෙවියන්ගේ පදනම මේ අසාදාරන මැවීමට. කාට හරි මේ ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් දෙන්න පුලුවන්නම් මන් හෙට මුස්ලිම් ආගම වෙළද ගන්නවා. (ස)
දැන් කී දෙනෙක් මේක දැකලා මොන්ටේරෝවල තුවක්කු පටවාගෙන යන්න ලෑස්ති වෙනවද දන්නෙ නැහැ. (නි)
අනේ හොදයි
අමල් හරියටම හරි. (නි)
නියමයි. දැන් විල්පත්තු වනය හරහා අලුත් පාරක් කපලා තියෙන නිසා සතුන්ට ඉක්මනින් කැමති තැනකට යන්නත් පුළුවන් ...(කාටද මේවා කියන්නේ?) (නි)
බලන්නත් ආසයි
මමත් බෞද්දයෙක් තමයි. එහෙත් මුළු ලෝකෙම මැරෙන කට්ටිය පුනරුප්පත්තිය පිළිගන්න ලංකාවේද උපදින්නේ? අවුරුදු ගාණකට කලින් මිහිපිට ජීවත් වුණු ඩයිනොසර්ලා නිවන් අවබෝධ කර ගත්තද? නැත්නම් මනුස්ස ලෝකයට ආවද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
බොහොම හොදයි
කාටද ආඩම්බර සත්තුන්ට නේ ආඩම්බර (දී)
ඇයි හැමදාම මෙහෙම නැත්තේ.. දෙවියන් වහන්සේ හරිම නරකයි..!(නු)
වසන්තයට වසන්තයක්(දී)
දෙවියන් මැවුවේ කවුද? (නි)
ජාලට කොහොමද (දී)
ඇත්තටම වසන්තය උදාවෙලා තියෙන්නේ සත්තුන්ට (දී)
මෙහෙම දිගටම තිබ්බොත් හොදයි (දී)
මොනවටද මේ අනවශ්‍ය තර්ක (ආගම්, ආත්මය , දෙවියන්...). මේ ලස්සන සතුන් දිහා බලල සතුටු වෙමු. (නි)
සත්තුන්ට හොදක්නම් එච්චරයි (දී)
කොච්චර ශෝක්ද (දී)
මෙවන් ලස්සන දේවල් මැවුවට දෙවියන්ට ස්තූති වේවා! (නි)
වැස්ස නැති කාලයක් නැවත එන්න එපා (දී)
අහන්න ලැබීමත් සතුටක්..!(නු)
අසරණ මුව පැටවු අද සතුටින් ඉන්නේ තුරුලිය මල් පිපී පල වැල හට ගන්නේ ෙම් සිතුවමින් හද සතුටකි ඇති වන්නේ මෙග ලක් මෑනි අද සාමෙන් හිනැහෙන්නේ (ත)
ඔය අහිංසකයන්ගේ පින්තූර දාන්න එපා. මස් වැද්දෝ බලාගෙන ඉන්නේ (ස)
මීට මාස 2කට ඉස්සෙල්ලා දෙවියන්ගේ මැවීම නිසා වතුර නැතිව සත්තුයි ගසුයි මැරැණානේ. මාර දෙවියෙක් තමයි එයා නම්... (නි)
වනය සතා සිවුපාවුන්ට ඇති රජ දහනයි.. නගරයේ ඉන්න කකුල් දෙකේ සත්තු ටික වනය විනාශ කරද්දි දෙවියෝ උනත් කෝප වෙන එක සාධාරණයි..!(නු)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ... (නි)
ලංකාවට හොද කාලයක් වගේ (දී)
දෙවියන්ව මැව්වේ කවුද? ස්වභාවික ක්‍රියාවලියන් විස්තර කිරීමට දැනුම නොතිබූ ආදී මිනසා ඉදිරිපත් කල මැවුම් සංකල්පය තවමත් මිනිසුන් කරපින්නාගෙන සිටීමට හේතුව කුමක්ද? පුංචි කාලේ ගොරවන වෙලාවට දෙවියෝ අහසේ බෝල ගහනවා කියල කවුරු හරි කිව්වම මම එක විශ්වාස කළා, නොතේරුම් කම හින්දා. (ස)
මේ සියල්ල දෙවියන්ගේ ආශ්චර්‍ය මැවීම්. මේ සියලු ප්‍රශංසා දෙවියන්ට හිමි වේවා (ස)
සැඩ හිරු රැසින් වියළී ගොස් තිබු රටට වර්ෂාපතනයේ ආසිරි ලැබ යසට වන රොද තුළත් ජීවයෙ ඇතිවුණ සතුට මේ වන සත්තු දුව පැන පෙන්වති අපට.. (නි)
සන්තෝසයි (දී)
දෙවියන් විසින් අප මෙලොව මවා ඇත්තේ දෙවියන් වන්දනාමාන කිරීමටය. අප දෙවියන් වන්දනාමාන කරන්නේ, අපගේ සිත කය පිරිසිදුවී සංවරය නම් රාමුවට යටත්වීමටය. අප දෙවියන්ගේ කෑමෑත්ත පරිදි මවා අස්ථිර වු මෙලොවහි සැප සම්පත් මෙන්ම දුක් කම්කටොලු ලබාදී දෙවියන් අප නිරීක්ෂණය කරයි. එයින් ලෑබු ප්‍රතිපල අනුව මරණින් මතු සදාකල් ජීවිතයේදි අපාය හෝ පාරාදීසය ලෑබෙනවා ඇත. (නි)
සත්තු පෙන්වන්න එපා. මරලා දාවි අපේ මිනිස්සු (ස)
ජයවේවා නියමයි
දැන් කී දෙනෙක් මේක දැකල මොන්ටේරෝවල තුවක්කු පටවගෙන යන්න ලෑස්ති වෙනවද දන්නෙ නෑ.... (ස)
රිනාස් , දෙවියන්ගේ මාර කැමැත්තක් නේ ඒක , දෙවියන්ගේ මාර නිරීක්ෂනයක්නේ ඒක. ඔය දේවල් මන් කලා නම් මීට වඩා සාධාරණව පිළිවෙලට කරනවා. (ස)
එතකොට කවුද දෙවියන්ව මැවුවේ? (නි)
මම ලාංකිකයෙක් හැටියට මට ආඩම්බරයි (දී)
අනෙක් සාම අභය භුමියකටම මෙසේ වේවා (දී)
මෙසේම සැමදා පවතීවා (දී)
කාලෙන් කාලෙට වෙන දේශ ගුණික විපර්යාස නිසා වෙන දේවල් (දී)
අෂ්රුෆ්, මේ සියල්ල දෙවියන්ගේ ආශ්චර්‍ය මැවීම්. මේ සියලු ප්‍රශංසා දෙවියන්ට හිමි වේවා! දෙවියෝ මේ සත්තු මවන්න මොකක් හරි හේතුවක් ඇති නේද, ඔයාගේ ආගමට අනුව. එයත් කරුණාකරලා පැහැදිලි කළා නම් නේද හොද ? මම නම් දන්නා විදියට මේවා මවල තියෙන්නේ මිනිසාගේ ආහාරය සදහා. අහෝ කොච්චර නපුරු මැවීමක්ද? තමන්ගේ කුසගින්නට තවත් අහිංසක සතෙක් මරාගෙන කන්න ද එතකොට මේ ලෝකෙට සත්තු මවලා තියෙන්නේ. අහෝ මැවීමේ යම් වැරැද්දක් සිදුවී ඇත. (නි)
සම්පත් ඔයා ඉබේමද මැවුණේ? සම්පත් මැවිච්ච විදිය දැනගන්න ඕනෑ නම් බුදුදහමේ ඉගැන්වෙන පටිච්ච සමුප්පාදය ඉගෙන ගන්න වෙනවා. (නි)
අපි අපේ පරිසරය පන වගේ රැක ගන්න ඕනේ (දී)
හරියට හරි අමල්. (නි)
අශ්රොෆ් වෙත මේක තමා සොබාදහම. විශ්වයේ පැවැත්ම තියෙන්නේ මේ දේවල් හින්දයි. ඇතිවීම නැති වීම දෙවියන් කරන දෙයක් නොවේ. දෙවියන් කරනවා නම් ඇයි හැමදාම මේ වගේ ලස්සනට තියන්න බැරි? (නි)
ලස්සන ශ්‍රී ලංකා...ජය වේවා !!!!!!!!!!!!!!!(ස)
අෂ්රුෆ්...එතකොට ඌරා කියන්නෙත් දෙවියන්ගේ ආශ්චර්ය මැවීමක් නේද? එහෙනම් ඇයි ඔයාලට ඌරව පේන්න බැරි? ඌරා ඔච්චරම නරකනම් ඇයි ඔයාලගෙ දෙවියො ඌරව මැව්වේ?? (ස)
වාසනාවන්...වාසනාවන්... (දී)
යාලට සිදුවූ විනාශය විල්පත්තුවට නොවේවා! (නි)
මෝඩ කතා කියන්න එපා අෂ්රොෆ් (ස)
අනේ හොදයි
ලස්සනයි
අෂ්රොෆ්නම් මවන්න ඇත්තේ දෙවියෝ තමයි (ස)
නියමයි , දැන් විල්පත්තු වනය හරහා අලුත් පාරක් කපල තියෙන නිසා සතුන්ට ඉක්මනින් කැමති තැනකට යන්නත් පුළුවන් .... (ස)
ජයවේවා සත්තුන්ට සතුටු ඇති (දී)