අධිකරණයට බාධා කළැයි විල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයන්ත වීරසේකර අද පස්වරු තුන දක්වා අධිකරණ සිර මැදිරියේ රඳවා තබන්නැයි ලග්ගල සංචාරක නාවුල අධිකණ මහේස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය නියෝග කළාය.
විල්ගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයකුට විරෝධය පළ කරමින් මීට වසර කිහිපයකට පෙර ජනතාව රැස් කරමින් විරෝධතාවක් පැවත්වීමේ සිද්ධියක් සම්බන්ධව නඩු විභායක් ලග්ගල අධිකණයේදී අද විභාගයට ගැනිණි.
සැකකරුවන් දාහත්දෙනා අතර මෙම සභාපති ද විය. නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ අධිකරණයේ සභාපති සහ තවත් අයකු නොවූයෙන් ඔවුනට වරෙන්තු නිකුත් විය.
මේ අතර නඩුව විභාගවෙමින් තිබියදී උසාවියට ඇතුළු වූ සභාපති, සෙසු සැකකරුවන් සිටි තැනට එක්වනු මහේස්ත්‍රාත්වරිය දුටුවාය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඔහුට විරුද්ධව වෙනම නඩුවක් ඒවෙලේම පවරා උසාවි වැඩ අවසන් වනතුරු ඔහු අධිකරණ සිර මැදිරියේ රඳවා තබන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මහේස්ත්‍රාත්වරිය ඔහුට තරයේ අවවාද කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ නීතියට අවනම්බු කළා වගේ තමයි (දී)
මෙම විනිසුරු කළ දේ අනෙක් සියලුම විනිසුරුවරුන්ට හොද ආදර්ශයක්. (නි)
තරා තිරම බලන්න එපා(දී )
ඔය එක සිද්දියක්. වැඩි පුරම අදිකරණයට අපහාස කරන්නේ ඔය දඩුවම් දුන්න අය තමයි.(නදී)
ඔය එක සිද්ධියක් විතරයි හැබැයි වැඩි පුරම අධිකරණයට අපහාස කරන්නේ ඔය දඬුවම් දුන්න අය තමයි (ස)
අධිකරණයට අපහාස කරන්න එපා (දී)
ඇමති කෙනෙක් වෙන්න සුදුසුකම් හොදටම ඇති. (නි)
මූලික සුදුසුකම් ඉහළින්ම සපුරා ඇති නිසා ඡන්දයකට බය නැතුවම ඉල්ලුම් කළ හැක. (නි)
සභාපතිතුමා බලය පාවිච්චි කරලා හැඩයි. (නි)
කිසිම කෙනෙක්ට මොනම හේතුවක් මත අධිකරණයට අපහාස කරන්න බැහැ (දී)
මෙහෙමත් වැඩ (දී)
දඩුවම් ලැබියහැකි වරදක් ඒක (දී)
කව්රු කලත් වැරැද්ද වැරද්දමයි (දී)
කොච්චර ලොකු තනතුරක් දැරුවත් වැඩේ වැරදි (දී)
දැන් අපි හැමෝම මෙතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනෙමුද? (නි)
එතුමා අධිකරණයත් ප්‍රාදේශීය සභාව වගෙයි කියලද දන්නෙ නැහැ හිතුවේ? (නි)
උසාවියට අපහාස කරන්න එන්නනම් එපා (දී)
උගත් නූගත් වෙනස.. (ස)